Sunday, June 15, 2014

හැමෝම මැරිලා ඒත් මම....

                                                           ලොකු සයිප්‍රස් ගස් දෙක පහු වුනා...ඒවයේ කොල වලින් එන ලස්සන සුවද හීනයක් වගේ දුරක ඉදන් මට  දැනුනා..ඔව් මේ ගස් දෙක පහු වුනම අපේ ගෙදර...කොච්චරකල් ඉස්කෝලෙ ඇරිල මායි ආකිබුයි මේ පාරෙ කොච්චර රන්ඩු වෙවී හිනා වෙවී කෑ ගහ ගහ ගෙදර යන්න ඇත්ද..

 ඒත් ඒ හැමදේම අතීතයක් විතරයි..ඊලගට අපේ ගෙදර පෙනෙයි මේ ලොකු වන්ගුව හැරුනට පස්සෙ...අම්ම මන් එනකම් බලන් ඉන්නවනම්..ඒත් එයා නෑ.කවදාවත් එයා අයේත් නෑ..ලා පාන්ඩු සුදු පාට ගාපු අපේ ගෙදර වෙනදට වඩා මූසල විදියට ගොඩක් පාලුවෙන් නොසෙල්වී බලන් හිටිය..හරියට අම්මයි ආකිබුයි මායි එනකම් වගේ..එයා දන්නැතුවැති.කවදාවත් එන්නේ නෑ කියල අම්මයි ආකිබුයි.මේ පාන්ඩු සුදු පාට හැමදාම අලුතෙන් තීන්ත ගාද්දි අම්ම තෝරගත්ත..එයා හිතුවේ ලා පටක් ගෑවම ගෙදර ලොකුවට පෙනෙයි කියල.මම හැමදාම වෙන පාටක් ගාන්න රන්ඩු වුනාම එයා ක්ව්වෙ

"මම නැති දවසක කැමති ඕනිම පාටක් ගාන්න පුලුව්න්නේ"කියල ඒ වෙලාවට අම්මේ ප්ලීස් මූසල කතා එපා කිව්වම එයා හයියෙන් හිනා වෙලා 

"මගේ පුන්චි අකීව දාල මම යන්නේ නෑ ලමයෝ" 

කිව්ව ..ඒත් අද ඔයා ගිහින් අම්මේ..මාව සදහටම තනිකරල ඔයා ගිහින්.


                               වාහනේ අපේ ගෙදර පහු කරන් හිමින් ඇදිල යද්දි මගෙ ඇස් වලින් සට සට ගාල කදුලු කැට වැටුනා...මම

   ජනේලෙ එලිය බලන් හිටියට මානෙල් ආන්ටිට තේරුන ඉවෙන් වගේ මම අඩන බව...සමහර විට ඒ මම අපේ ගෙදර දිහ බලන් හිටි හින්දද දන්නේ නෑ..වචනයක්වත් නොකියම මානෙල් ආන්ටි මගේ ඔලුව අත ගාන්න ගත්ත.ඒත් ඔහේ වැටෙන කදුලු නතරකරගන්න මගෙ හිත දුන්නේ නෑ..


                "දුව අපි පස්සේ ගෙදරට ගිහින් ඔයාගෙ ඇදුම් ටික අරන් එමු"සුනෙත් අන්කල් කිව්ව


                       මම මොකුත්ම කිව්වෙ නෑ..මොකක් කියන්නද කියල හිතා ගන්න බෑ..මට ආයෙ යන්න ඕනි නෑ ඒ ගෙදරට..ඒ මගෙ ගෙදර වෙන්නෙ කොහොමද...මගෙ අම්මවත් අකීබ්වත් නැති ගෙයක් මගෙ තැනක් වෙන්නේ කොහොමද..


                          කාර් එක සුනෙත් අන්කල්ලගෙ ලොකු ගේට් එකෙන් ඇතුල් වුනා..සුනෙත් අන්කල්ලගේ පුතා අපි දිහාට දුවන් ආව..එයාට තවම අවුරුදු 5ක්වත් නැ


              ..මට ගොඩක් ආදරෙයි එයාගෙම අක්කි කියල හිතන් ඉන්නේ.

ආව ගමන් වෙනද වගේම මගෙ අතේ එල්ලුන "අක්කි ආව .අක්කි ආව ආයෙනම් යන්න දෙන්නේ නෑ ගෙදර"


                                        එයා හැමදාම එහෙම කිව්වට අද එයා එහෙම කියද්දි මුලු හිතම මහ කලු වලාකුලකින් වැහිල ගියා... මම කොහේ යන්නද කා ලගට යන්නද.. මානෙල් ආන්ටිට තේරුන මගෙ හිතේ තියෙන දේ

                            "දූ දැන් යන්කෝ ඇතුලට ඇදුම් මාරු කරන්න ..දුව මෙහේ කලින් එද්දි දාල ගිය ඇදුම් වගය්ක් තියල අන්න මම ඇද උඩ තිබ්බ ගිහින් වොශ් එකක් දාල ඇදුම් මාරු කරල එන්නකො"


          කියල ආන්ටි මගේ අතින් ඇදන් ව්ගේ ගේ ඇතුලට ගිහින් මාව පඩිපෙල හරියෙ තියල කුස්සිය පැත්තට ගිය..

         මෙහේ ආවම මම වෙනද ඉන්න කාමරේ තිබුනේ උඩ තට්ටුවේ මල්ලිගේ කාමරේට ඉස්සරහම කාමරේ..

ආන්ටි හැසිරෙන විදියට මට ලොකු සහනයක් දැනුනා මොකුත්ම නොවුනු විදියට වගේම මගෙ පස්සෙන් පැන්නුවෙත් නෑ..මට හිතන්න අඩන්න ඕනි තරම් වෙලාවක් එයා ඉතුරු කරා..


http://24.media.tumblr.com/tumblr_lxff6cnteC1r0lzy8o1_500.jpg

දවස කොහොම ගෙවුනද මට තේරෙන්නේ නෑ...

අකීබ් අම්ම හැමවෙලේම හිත ඇදි ඇදි මැකි මැකි ගියා..වෙලාවකට මම කෑ ගගහ ඇඩුව..වෙලාවකට ඔහේ කල්පනා කෙරුව...තවත් වෙලාවකට හැමදේම අමතක වුනා..අද වුන නපුරු දේ අමතක වුනා හීනයක් විතරයි හිතුනා..ඒ වෙලාවට විතරයි ටිකක් හරි හිතට සැනසීමක් දැනුනේ


මම හිටිය මනෝ ලෝකේ කඩන් වැටුනේ  මල්ලි ඇවිත් දොරට  තට්ටු කරද්දියි එයා පොඩි ලමයෙක් වුනත් ගොඩක් හොද පුරුදු තිබුනා දොරට තට්ටු කරනෙක වගේ..


"එන්න බබා අක්කි වැඩක නෙවෙයි"


මල්ලි මම කිව්ව විතරයි දුවගෙන ආව..ඇවිත් මගේ ලගින් ඉදගත්තේ මගෙ ඇගට හේත්තු වෙලාමයි.."අක්කි ඇයි අඩල"
මල්ලි එහෙම කියද්දි මම පිටි අල්ලෙන් කදුලු පිහිදගත්ත
"නෑ ඇඩුවේ නෑ"
"අක්කි දිගටම මෙහෙ ඉන්නවද"
"හ්ම්ම්ම්ම්" ඒකට දෙන්න උත්තර මම දන්නේ නෑ

ඒත් හොද වෙලාවට මානෙල් ඇන්ටි ඇවිත් මල්ලිට එන්න කිව්ව මටත් කන්න එන්නලූ

ඒත් මට මොන කෑමද :'(

"මට කන්න බෑ ආන්ටි ඔයාල කන්න"

          මානෙල් ආන්ටි ම්ට ඉන්න කියල ගියා
එයා ලොකු බත් එකක් බෙදන් ඇවිත්.. හ්ම්ම් දැන් නොකා කොහොමද කටක් දෙකක් කෑව

        ඉක්මනින්ම ඇදට ගියේ ඇති තරම් අඩන්න හිතාගෙන ඒත් වෙලාවකට හිතෙන්ව මොකට අඩන්නද මේක හීනයක් විතරයි හෙට උදේ ඇහරෙද්දි මේ මොකවත් වෙල නැතුව ඇති අකීබ් හොදටම ගොරව ගොරව නිදි ඇති එහා ඇදේ අම්ම කුස්සියේ ඉදන් උයනව ඇති

               ඒත් අනේ මේක හීනයක් නෙවෙයිනම්

       ආයෙමත් ලොකු කදුලු බින්දු මගෙ ඇස් වලින් වැටුනා

             ඉක්මනින්ම ගිහින් කාමරේ දොර වහල එන්න යද්දි මානෙල් අන්ටි එන හඩ ඇහිලා කදුලු ඉක්මනට ඇදන් හිටිය ඇදුමේ අතින් පිහිදගත්ත

"චූටි දූ ඔයා එක්ක දෙයක් කතා කරන්න ඕනි..ඒත් දැණ් ඔයාට පුලුවන්ද කතා කරන්න ඒ ගැන"

ඒ ගැන කියල අදහස් කරේ හ්ම්ම් අම්ම ගැන අකීබ් ගැන කියල මම දන්නව..

"හ්ම්ම් කියන්න ආන්ටි කමක් නෑ"

   ඇත්තටම මට දුකක් කියන්න දෙයක් නෑ හිතේ මේක ඇත්තක් කියල තාමත් මගෙ හිත පිලිගන්නේ නැති හින්ද වෙන්න ඇති ඒ

   දුව හ්ම්ම්ම් අම්මගෙයි ඔයාගේ මල්ලිගෙයි මලගෙදර ගැන කතා කරන්න මම කැමති නෑ චූටි දුව..ඒත් ආන්ටි මේ ගැන මොකවත්ම දන්නේ නෑ හින්දයි දුවගෙන් අහන්න ඕනි හිතුවේ"

"හ්ම්ම් කමක් නෑ කියන්න ආන්ටි"

"දුව ඔයාලගේ මලගෙවල් ගන්න විදිය ගැනවත් මොකවත් අපි  දුව..ඒත් පුලුවන් උපරිමෙන් වියදම් කරන වැඩයි ඔක්කොම වගකීම සුනෙත් අන්කල් ගන්නම් කිව්ව..ඒත් කොහොමද කරන්නේ තේරුමක් අන්කල්ටත් නෑ දුව"

"කමක් නෑ ආන්ටි ඔයාල හොදයි කියල හිතන විදියකට ගන්න කොහොමත් අපිට උදව්වක්වත් නොකරන නෑයොන්ට ඕනි විදියට ගන්න ඕනි නෑ ආන්ටි"

"හා දුව දැන් ඒ ගැන හිතන්නෙපා අපි ඉන්න්වනේ මගේ දූට"

ආන්ටි එහෙම කියල ඉක්මනින්ම ගියා..මලගෙදර වැඩ ගැන අන්කල් එක්ක කතා කරන්න වෙන්න ඇති.
ආන්ටිල වියදම් කරනවට මම කැමති නෑ..ඒත් මම කියල කොහින් සල්ලි දෙන්නද

             දුක මදිවට් ප්‍රශ්න හිත ඇතුලේ හැමදේම කැකෑරෙනව සැනසීමක් පේන තෙක් මානෙක නෑ..එකම සැනසුම මේක හීනයක් ඉයල හිතන එක විතරයි ඒත් එහෙම නෙවෙයි හිතෙන හැම පාරම කදුලු ආව...කවද මේ කදුලු නවතියිද කවදා අකීබුයි අම්මයි මාව ගෙදර ගෙනියන්න ඒයිද :'(

                හ්ම්ම් හෙට මොන හිතකින් යන්නද..මගේම ගෙදරට මගේම අම්මගෙයි අකීබ්ගෙයි මලගෙදරට.. තවත් නම් ඒක මගේ ගෙදර වෙන්නේ කොහොමද මට කව්ද ඉන්නේ?... මලගෙදර..,අම්ම..,අකීබ්., හැමවචනයක්ම හිත ඇතුලේ දෝන්කාර දුන්න..
                 රෑ ගොඩක් දිගයි ඒත් කදුලු වලට තෙමිල ඉදිමිච්ච ඇස් ඉක්මනින්ම පිය වුනා..ඒත් තප්පර ගාන කල්පයක් වගේ දැනුනේ

15 comments:

  1. අම්මෝ මෙවන් දෙයක් හතුරෙකුටවත් සිදු නොවේවා... හරිම අනුවේදනීයයි කතාව සහෝදරි...

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත හතුරෙක්ටවත් වෙන්නෙපා
      ඊලග කොටසින් හිතුවෙවත් නැති දෙයක්... හිතුවෙවත් නැති කෙනෙක්ව හම්බෙන එකක්

      Delete
  2. දෑස නිදි නැති රෑක මැදියම
    ඔෙබි ඉකි හඬ ෙදා් අැෙසන්ෙන්

    ReplyDelete
  3. කතාව හැඟුම්බරයි , ඇත්තෙන්ම හොඳින් ඉදිරිපත් කරනවා ඔබ

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි දිගටම එන්න

      Delete
  4. කෝ කෙවින්????? එයා text කලේවත් නැද්ද අප්පා අකීට. මෝඩ කොල්ලා.

    අනේ මේ කතාවනම් තදින්ම දැනෙනව හිතට. :(
    ඇත්ත කතාවක් නෙමෙයි නේද? එහෙම නෙමෙයි කිවුවොත් දුක ටිකක් අඩුවෙයි. අද කොටස දුකම දුකයි.

    අනේ නංගා ඉක්මනට අනිත් චැප්ටර් එක ලියන්නකෝ.... ඔයාගෙ කතාව එක කොටසක් කියෙවුවාම අනිත් කොටස කියවනකම් ඉවසිල්ලක් නෑ....

    ReplyDelete
    Replies
    1. එක්සෑම් ඉවරද ආ....? :)

      Delete
    2. ආහ්හ් ඒක එක දවසේ එක්සෑම් එකක් යාන්තම් ලියාගත්ත

      Delete
    3. ඇත්ත අත්දැකීම් සිද්දීන් එකතු කරල හැදුවට මුලු කතාවම ඇත්ත නෙවෙයි.., කෙවීන් txt කරන්නේ නෑ මොකද කිව්වොත් කෙවීන් තාම bf නෙවෙයිනේ එයා කලින් ඒම කතා කරන කෙනෙක් නෙවෙයිනේ එ හින්ද 4න්ස් වලින් සම්බන්දයක් නෑ නේ තවම...
      තැන්කූ මේ පැත්තේ එනවට දිගටම මේක මෙහෙම උනන්දුවෙන් ලියගෙන යන්න ඔයත් ලොකු හේතුවක්

      Delete
  5. මේක කියවද්දී ආවේ අමුතුම හැඟීමක්.. ඒක කියන්න තේරෙන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. ඒ හැගීම දිගටම මේ කතාව ඇතුලේ තියෙයි... ඊලග කොටසත් කියවන්න =ඪ්ඩී ඒක මෙකට වඩා ගොඩක්ම වෙනස් දෙයක් වෙන කොටසක්

      Delete
  6. හිතට දැනෙන්න ලියනව ඔබ...
    දුක තැවරුණ සංවේදී සටහනක්...
    මෙ සත්‍ය කතාවක් නෙවෙයි නේද

    ReplyDelete
    Replies
    1. ඇත්ත අත්දැකීම් සිද්දින් එකතු කරල ලිව්වට මුලු කතාවම ඇත්තක් නෙවෙයි..දැක්ක ඇහුව දැනුන හැමදේම එකතු කරලයි ලිව්වේ

      ස්තූතියි මේ පැත්තේ ආවට හැමදාම එන්න

      Delete
  7. සම්පූර්ණ ඇත්ත කතාවක් නොවෙයි කියල කිව්වහමයි, හිතට සහනයක් දැනුනේ.

    විභාගේ හොදට කලාද?

    ReplyDelete