....සුදු පාට...
තද හුලගක්... මොකක්දෝ ගහක අතු සර සර ගාල ජනේලෙ වදිනව හරියට ජනෙල් වීදුරු
පතුරු යනව වගෙ... කොච්චර ශීට් පෙරෙව්වත් මුලු ඇගම හිරි වැටිල යන මූසල
සීතලක්... අප්‍රේල් මාසේ කවදාවත් මේ තරම් තදින් වැහල නෑ..ඒ මදිවට
හුලග..කුනාටුවක් වගේ.. මම තව ටිකක් ශීට් එකට ගුලි වුනා... අද සෙනසුරාද ඒ
හින්ද වුදේම නැගිටින්නත් කිසිම ඕනකමක් හිතුන් නෑ මට..අද මගේ නිවාඩු
දවසනේ,,....,
"අයියෝ ඇයි දෙයියනේ එලාර්ම් එක වැදුන් නැත්තේ..අද අකීබ් ට මියුසික් ක්ලාස්.."
දැන් කීයද දන්නේ නෑ වෙලාව මම අමාරුවෙන්
ඇස් දෙක අතින් පොඩි කරන ගමන් ඇස් ඇරල මෙසේ දිහා බැලුවේ නිල් පාට එලාර්ම්
ඔරලෝසුව දකින්න ලැබෙයි හිතන්.. ඒත් ඒක නෑ මෙසේ නෑ අකීබ්ගෙ ඇද නෑ.. අනික
කොහෙත්ම මේ කාමරෙ ලා දම් පාටත් නෙවෙයි..
හුලගත් එක්ක ඉක්මනට අහසේ ඉදන් පොලවට කඩන් වැටෙන වැහි බින්දු වගේ ඊයේ වෙච්ච නපුරු දේවල් මගෙ හිතේ ඇදිල ගියා..
මම ඉන්නේ ගෙදර නෙවෙයි.., මේ මානෙල් ආන්ටිලගේ ගෙදර..අනික තව දුරටත් මගේ අම්මයි අකීබුයි නෑ.
මටත් නොදැනිම ලොකූ සුසුමක් පිට වුනා
"මම අඩන්න හොද නෑ ඇඩුවට මොකවත්ම වෙනස් වෙන්නේ නෑ...වුන දේ වුනා අකී ඉස්සරහ ගැන හිතන්න දැන්වත්"
මගේ හිතට මම තදින් කිව්ව
ඒත් ආයේමත් ඇස් වල කදුලු පිරුන ඒ ගමන්ම මම මගේ ඇගිලි වලින් කදුලු පිහිදගත්ත මේ කදුලු වැටෙන්න හොද නෑ..මම අඩන්න හොද නෙ
"ඒත් මම කොහොම අඩන්නෙ නැතුව ඉන්නද"
ආයේමත් මගේ හිතෙන් මටම ප්‍රශ්නයක් ..
ගොඩක් දේවල් ඔහොම හිත හිත ඉද්දි මානෙල් ආන්ටි ආව..එයාගේ අතේ සුදු පාට ගවුමකුයි මට තේකකුයි එයා අමාරුවෙන් ඒ දෙකම අල්ලන් හිටියෙ...
මම ඉක්මනින් ඇදෙන් බැහල ගිහින් තේක අතට ගත්ත
"ගුඩ් මෝර්නින්ග් අකී දුව"
"ගුඩ් මෝර්නින්ග්..!අනේ ආන්ටිලටත් මම හින්ද කරදරේනේ"
මම එහෙම කිව්වෙ මූනට පුන්චි හිනාවක් ගන්න උත්සහ කරන ගමන්... එයේ රෑ අඩල
අඩල ඉදිමිච්ච ඇස් එක්ක ඒ චූටි හිනාව මගේ මූන කැත කරන්න ඇති කියල මට ටිකකින්
හිතුනා
මම හිමින් තේක මගේ මූන ලගට ලන් කර ගත්තේ තේ බොනවටත් වඩා තේකෙන්
ආව හීන් රස්නෙන් ටිකක් හරි උනුහුමක් මට ලැබෙයි හිතාගෙන.. අත නිල් පාටට හුරු
වෙන්නම සීතල වෙලා මාව..
"අපෝ එහෙම හිතන්න්වත් එපා දුව මාත් මේ ගෙදර කොච්චර පාලුවෙන්ද ඉන්නේ"
ආන්ටි මම තේක බීල ඉවර වෙනකම් ඉදල මගේ අත උඩින් අර ගෙනාව සුදු පාට ගවුම දුන්න...දුව මම හිතන්නේ ඔයා මේක ඇදගත්තොත් හොදයි..
"ඒත් ඇයි ආන්ටි?"
දුව
සාමන්යෙන් අපිනම් මෙහෙම අවස්තාවක්ලට සුදු අදින්නේ දුවලනම් මම දන්නේ නෑ
අදින ඇදුම් ගැන එහෙම ඒත් කෝකටත් කියල මම මේක ගෙනාව සුදු එකක් ඇන්දොත් හොදයි
නේද දූ අනික මේකට එන්නෙයි මම හිතන්නේ ගොඩක් සින්හල අය .."
"හ්ම්ම්ම්ම්ම්"
"මම කැමති නෑ ආන්ටි ඕව හිතන්න"
"දුව එහෙනම් මූන හොදන් ඇදුම් මාරු කරන් පහලට එන්නකො හාද මම අද පූරි හැදුව දුව කන්න ආසම කෑමක්නේ මටත් දූලගේ අම්ම කියල දුන්නේ"
ආන්ටිගේ
මූන එක පාරට්ම අදුරු වුනා ආන්ටි හිතල නෙවෙයි මගෙ අම්මව මතක් කරේ ආන්ටිට
තේරුන මෙතනදි තහනම් වචනයක් වෙලා කියල ඒක ආන්ටිට ඕනි උන් නෑ මට ඒව මතක්
කරන්නවත්
"දුව මොකක් වුනත් ඔයා සුදු එකක් අදිනවනම් මම කැමතියි අන්න
අන්කලුයි මායි රෑම ගිහින් ඔයගේ ඇදුම් වගයක් අරන් ආවා...ඔය ඇද ගාව කලු බෑග්
එකේ ඇති ඒව "
ආන්ටි දොර ගාවට ගිහිනුත් ආයේ මගේ දිහා හැරිලා හෙම කියලයි යන්න ගියේ
මට
ඕනි වුනේ මේ ගැන නොහිත ඉන්න මේ වුන හැම දෙයක්ම ගැනම ඒ හින්ද මම් ඇග හිරි
වැටෙන සීතලේම ගිහින් සීතල ව්තුරෙන් නෑව...මම දන්නව ආන්ටිට තරහ යයි මම මේ
සීටලේ නෑවට ඒත් මේ වගේ තද ඇගම නිල් පාට වෙන සීතල දෙයක් ගැන නොහිත ඉන්න
ගොඩක් උදව්වක් කියල මට හිතුනා
මම සීතලේම ගැහි ගැහි කාමරේට ආව.
ඇද උඩ ආන්ටි ගෙනාව සුදු ගවුම තිබුනා
හ්ම්ම්ම් සුදු පාට... ඇත්තටම මම ආසම පාටක්
නෙවෙයි මම අසම කලු පාටට හේතුවක් දන්නේ නෑ..ඒත් කලු පාට ඇතුලේ මට ගොඩක්
දේව්ල් තියෙනව හිතුනා..මම ආසයි ඒ හැගීමට..ඒත් සුදු මට හිතුනේ හිස් ගතියක්
ඒත් හැමෝම කියන්නේ කලු කියන්නේ හිස් කම කියල...
සුදු මගේ ආසම් නැති පාටක් වුනාට..මගේ සමහර ලස්සන
හීන වල සුදු පාට ප්‍රදාන පාටක් වුනා.. මගෙයි කෙවීන්ගෙයි වෙඩින් එක..සුදු
පාට අත්දිග ලේස් ගව්මක් ඇදන් සුදු පාට සලුවකින් ඔලුව වහන්..රිදී පාට මාල
කරාබු දාන් සුදු මල් තියෙන තැනක මම කෙවීන්ගෙ පුන්චි මනාලිය වෙන එක..
සුදු මම අකමති වුනත් කැමති වුනත් එක සතුටු හිතෙන
පාටක් ඒක සුදුසු නෑ මෙහෙම ඒවට කියලයි මට හිතුනේ ඒත් ආන්ටිගේ හිත රිද්දන්න
බෑ මම ඒ රේන්ද අල්ලපු පුන්චි රෝස පොහොට්ටුවක් ඉන ගාව මහපු ගව්ම අරන්
ඇදගත්ත.. හ්ම්ම් සුදු පාටට මම ගොඩක් කැතයි පාන්ඩු පාටයි...අනික කවදාවත්
උනිෆෝම් එක ඇරෙන්න මම ගවුම් ඇදල නෑ..මට හුරු නිල් පාට ඩෙනිමයි බැගි ටි එකක්
හැරි ශර්ට් එකක් හරියි මායි අකීබුයි එකම වගේ ශර්ට් ඇන්දා..පිරිමි ලමයින්ගේ
ඒව වුනාට ඒව පහසුයි..
ආන්ටි කිව්වෙ ගවුම බැරි නම් ඕනි සුදු එකක්නේ
ආඅයෙම මම ඇදේ විට්ටමේ දාල තිබුනු මගේ තද නිල් ඩෙනිම ඇන්දා කලු බෑග් එක බිමට
හැලුව.. සුදු පාට ඇදුමකට තිබ්බේ එකම එක ශර්ට් එකක් විතරයි ඒකත් මට තදයි ඒ
හින්ද මම කලු ටි ශර්ට් එකක් ඇන්ද ඒකට උඩින් ශර්ට් එක බට්න්ස් ඇරන් උඩින්
දාගෙන ඉක්මන්ට පහලට දිව්වේ ආන්ටි මාව හොයන් කාමරේට එන්න කලින්
"අකීෆා..!ඔයා මේ සීතලේ නෑවද ඉක්මනට ඇවිත් ඉදගන්න මේ කෑම එක සීතල වෙන්න කලින්"
සුනෙත් අන්කල් කිව්වේ ටිකක් සැරෙන්.මම මේ සීතලේ නෑවට එයා අකමතියි වගේ
මම හිමින් පුටුව එහාට කරල ඉදගත්ත..ඒත් කෑම කන්න හිතක් නෑ...අකීබ් කාල ඇතිද අම්මා කාල ඇතිද..එයාල කොහේ ඇද්ද..
"දුව හිත හිත ඉන්නේ නැතුව කන්න ලමයෝ හිතුව කියල මොකුත් වෙනස් වෙන්නේ නෑනේ"
මම මොකුත්ම නොකිය මෙච්චර වෙල අන අන හිටිය බත් කට කෑව...හැම කටක්ම උගුරෙන් පහලට ගියේ අමාරුවෙන්
මානෙල් ආන්ටිලත් සුදු පාට ඇදන් හිටියේ..හ්ම්ම්ම් මම දන්නව ඒ ඇයි කියල..අද හ්ම්ම්ම් අද අපේ ගෙදර යනව
සුනෙත් අන්කල් ඉක්මනින්ම කාල ඉවර වෙලා යන්න නැගිට්ට
"සුනෙත් ඔයා ඒ පාර කොහේ යන්නද"
මානෙල් ආන්ටිගෙන් ප්‍රශ්නයක්
"මමවත් ගිහින් බලන්න ඕනි එහේ වැඩ කොහොම වෙනවද දන්නේ නෑනේ කවුරු හරි කරගහල කරේ නැත්තම් මිනිස්සු හර්යට කරන්නේ නෑ"
එහෙම කියල සුනෙත් අන්කල් ඉක්මනින්ම ගියා
වෙලාව 10යි.....
සුනෙත් අන්කල් තාමත් අපිව ගන්න ආවේ නෑ..
මානෙල් ආන්ටි හිමින් මට ලන් උනා "දුව අන්කල් කියට
එයිද දන්නේ නෑ අපි පයින්වත් යන්ද පොඩි දුරයිනේ දුවලගේ ගෙදරට මගෙ දූට
පුලුවන්ද පයින් යන්න"
මට පුලුවන්ද මට? හැමදාම අකීබ් එක්ක මේ පාරේ කොච්චරනම් දුවල ඇතිද මම..
"නෑ ආන්ටි මට ප්‍රශ්නයක් නෑ යන් අපි එහෙනම්"
ආන්ටියි මායි මල්ලියි හිමින් අපේ ගේ දිහාවට යන්න
පටන් ගත්ත..ඒත් ටිකක් දුර ගියාම මට එයාල දෙන්න ඉන්නවදත් අමතක වුනා...
හැමදාම යන පුරුදු පාර පුරුදු සුවද ඒත් ඒ හැමදේම මාව එලවල ඒවයින්..මම පිට
එකෙක් වෙලා මගේම අය නැති මගේ ගෙදරට මම පිට කෙනෙක් වගේ යනව..ඒ හැගීම හිතට
ගොඩක් ආගුන්තුකයි හරියට මගේම ගෙදරට මාව ආගුන්තුකයි වගේම...
ගෙදරට යන වන්ගුව හැරුනා පාර දිගටම සුදු කොඩි
වැල් දාල ඒ ඉටි කොඩි වැල් හෙල්ලෙනකොට එන මූසල සිලි සිලි හඩ මහ වැස්සේයි
හුලගෙයි හඩටවත් ඇහෙන් නැතුව ගියේ නෑ..
මම ඉහලන් හිටිය ලොකු කලු කොඩෙට සට සට ගාල ඇහිබින්දු
කඩන් වැටුන..ඒත් හුලගත් එක්ක එන වැහි බින්දු නවත්තන්න කුඩෙන් බැරි වුන
හින්ද මාව ටිකක් තෙමුනා ඒත් මේ සීතල මට සහනයක් සැනසීමක් වගෙයි අද කවදාවත්
නැතුව දැනෙන්නේ
ඈතින් මලනික සුදු පාටට අපේ ගෙදර පේන්න ගත්ත..මගේ
කකුල් මටම පාලනය කරන්න බෑ වගේ..ඉස්සරහට යන්න මට ඕනි කමක් නෑ..මට ගෙදර යන්න
ඕනි කමක් නෑ..මම මානෙල් ආන්ටි දිහා බැලුවා..එයා ඒ බැල්ම අදුරගත්ත
"දුව මිනිස්සු කියන කතා අපිට වැඩක් නෑ මගේ දූට යන්නම බෑම හිතෙනවනම් කමක් නෑ අපි අපේ ගෙදරට වෙලා ඉමු"
"නෑ ආන්ටි මට බලන්න ඕනි"
ආන්ටි මොකුත් කිව්වේ නෑ..මම මොකක් බලන්න ඕනි
කිව්වද කියල මට තේරුන් නෑ එක පාරටම ඒත් පස්සෙ මගේ හිතෙන් ඒ ප්‍රශ්නෙට
උත්තරයක් දුන්න...ඔව් මට මගේ අම්මවයි අකීබ්වයි බලන්න ඕනි අන්තිම වතාවට එකම
එක පාරක්වත්..ගේ ලන් වෙන්න ලන් වෙන්න මොකක්දෝ අමුතු හැගීමකින් මගේ හිත සීතල
වුනා..මටම ඇහෙන තරම් හයියෙන් මගේ පපුව ගැහෙන්න ගත්ත...
මේ Chapter එකේම තව කෑල්ලක් තියෙනව දැන් ලියන්න
කම්මලියි වගේ ඒක ඒ හින්ද අද රෑට දාන්නම්..අද ගොඩක් කලබලයි..ප්‍රශ්න ගොඩක ඉදන් ලිව්වේ... ඒ හින්දයි වෙනදට වඩා මේ කොටස කැතට දිගට ලියවුනේ දැන් මේ බ්ලොග් එක පටන් අරන්
හරියටම දවස් 12ක් වෙනවා..මේ මුලු කාලෙම මාත් එක්කම හිටියට මේ කතාව කියවන
හැමෝටම ගොඩක්ම ගොඩක් ස්තූතියි..ඔයාල මගේ කතාව කියවන එක වගේම කමෙන්ට් කරන එක
මට ලොකු හයියක්
හදිස්සියක් නෑ නෙව...
ReplyDeleteහිමිකන් දාන්න...
මොකද පරක්කු වෙලා එන අයටත් කියවන්න චෑන්ස් එකක් දෙන්ට එපැයි නේ...
හ්ම්...
කැමති වෙලාවක ඉතුරු ටික දාන්ටකො
අපි ඉන්නව කියවන්න
ඒත් ගොඩාක් කල් අරන් දාද්දි කියවන අයට එපා වෙනවනේ එකයි කලබලෙන් හරි මෙහෙම සතියකට පෝස්ට් අඩු ගානේ තුනක්වත් දාන්න බලන්නේ...තැන්ක්ස් ලියල මිනිත්තු ගානක් යන්නත් කලින් කියවන්න ආවට
Deleteකලබල නැතුව හෙමීට දාන්න
ReplyDeleteකාලෙකින් පොස්ට් එකක් දැම්මෙ නෑ හින්ද දැම්මේ..ඒත් හිත නිදහස් නෑ :/ ඒ ලෙවෙල් subjct එකක් තෝරගන්න තේරෙන්නේ නෑ හින්ද
Deleteවැඩිපුරම කැමති දේ... කරගන්න පුළුවන් කියල හිතෙන දේ කරන්න...
Deleteඒත් ඔයාගෙ භාෂා හැකියාවත් එක්ක මං හිතන්නෙ සිංහල හරියයි වගේ
ඒත් ආර්ට් සබ්ජෙක්ට් පාඩම් කරන්න ගොඩක් තියෙනවනේ :/..අනික එතකොට ජොබ් ඒම නෑනේ සින්හල කරාට....
Deleteකොමස් කරන්න ස්වීටෝ.... මගෙ මුස්ලිම් යාලුවො ගොඩක් ඉන්නව මැනේජ්මන්ට් එකවුන්ටින් වලට එහෙම පුදුම තරම් දක්ෂ. ඒක මම හිතන්නෙ ඔයාලට උපතෙන්ම එන හැකියාවක් වගේ...
Deleteමන්දා ඔයා ආස දේ... පුළුවන් කියල හිතෙන දේ තෝරගන්න. වැඩියෙ ඒ ගැන හිත කරදර කරගන්න එපා.
මමත් කරන්නෙ ආර්ට්ස්. ඉතින් ඔයාට පුළුවන් සිංහලත් එක්ක, අයි.ටී හරි ඉකෝන් හරි වගේ විෂයන් දෙකක් තෝරගන්න. (ආර්ට්ස් කරනවනම්...)
Deleteහොඳ උත්සහයක් මේ වගේ බ්ලොග් එකක් කරන එක. දිගටම කරගෙන යන්න.
ReplyDeleteගොඩක් ස්තූතියි අගය කරාට දිගටම එන්න කියවන්න..ඕමම ගිහින් ෆලොව් පාරකුත් දාන්න
Deleteසෑහෙන කාලෙකින් බ්ලොග් එකක් කියෙව්වේ.
ReplyDeleteමැදින් පටන් ගත්තා ද මංදා.. මුල ඉඳලා කියවන්ට වෙයි වගේ!
ඔව් ඔව් මේ අන්තිමටම මම දාපු එකනේ
Deleteඅද කතාවෙ පොඩි කලබල ගතියක් දැනුනත් මං ඔයාගෙ කතාවෙ ගලායාමට ආස නිසා එහෙම ලොකු අඩුපාඩුවක් දැනුනෙ නෑ. ඉගෙනීමට බාධාවක් නොවෙන්න බ්ලොග් එකත් ලියන්න.
ReplyDeleteමම පාඩම් වැඩත් කරන ගමන්මයි ලියන්නේ දැන්නම් ඒකයි ආව අලුත වගේ ඉක්මනින් ඉක්මනින් දාන්නෙත් නැත්තේ දැන් ඒත් පුලුවන් තරම් ලස්සනට ඉක්මනට දාන්න උත්සහ කරනව
Deleteඅකී කැම්පස් යන්න හිතන්නෙ නැත්තං ඒලෙවල් වලට අවුරුදු දෙකක් නාස්ති කරන්න එපා... ඔයාට යන්න ආස ෆීල්ඩ් එකක ඉගෙන ගන්න ජොබ් එකකටම... අවුරුදු 18 වෙනකොට ඔයාට අවුරුදු දෙකක ජොබ් එක්ස්පීරියන්ස් එකක්ම තියෙනව... ( සිංහල, ලොජික්, කොමර්ස් සබ්ජෙක්ට් වල එහෙම Z එක උපරිම ගන්න ඕනෙ කැම්පස් යන්න නං.. ඔයා ටීචිං වෙග් යන්න හිතන්නෙ නැත්තං ඒ සබ්ජෙක්ට් කරලා වැඩක් නෑ..)
ReplyDeleteමේ මං ජොබ් කෙරුවාව ගැන ලියපු එකක් කලින්...
වැරදියට හිතන්න එපා..............
Deleteපුළුවන් නම් කැම්පස් යන්න. ඒක මුළු ජීවිතය ම වෙනස් කරයි. මැරෙන කල් කරන්නේ මොකක් ද කියන එක තීරණය කරන්න ජීවිතේට ටිකක් කල් දුන්නාට කමක් නෑනේ. ජීවිතේ ආයේ ලබා ගන්න බැරි දේවල් මගහරින්න එපා. අපි පස්සේ ඒවාට පසුතැවෙනවා තැවෙනවාම තමයි......
වැරදියට හිතන්න නම් එපා. මේක විරුද්ධ බවක් කියන්න හිතාගෙන කියපු කතාවක් නෙමෙයි......
ඒ පෝස්ට් එක මම කියෙව්ව අපි හිතන්නේවත් දන්නෙවත් නැති ජොබ්ස් කීයක්නම් ඇතිද නේ...අපි දන්නේ සාමන්ය ඩොක්ටර් ටෙචර් ලෝයර්...වගෙ කොමන් ටිකක්නේ...මම චිත්‍ර අයිටී මීඩියා කරන්න තීරනේ කරා ඇඩ්වටයිසින් පැත්තට යන්න පුලුවන්නේඅනික මෙහේ එසේඩ් ලකුනු අඩුයි චිත්‍ර වලට ඒ හින්ද සවුන්දර්ය විශ්වවිද්යලෙට යන්න ලෙස්යි කියල ගොඩක් අය කිව්ව
Deleteකොටස් ඔක්කොම කියෙව්වා......... හැම එකකටම කොමනේට් කරන්න තරම් වෙලාවක් නෑ. (විබාගෙ හින්ද එනව කියවනව යනව) හද පතුලෙන්ම ඔබට සුභ පතනවා.......... වෙන කියන්න දෙයක් නෑ. මේක උපරිමයි. දිගටම මෙහෙම ලියන්න. අපි එනවා.........
ReplyDeleteගොඩක් ස්තූතියි ආවට...කමක් නෑ කමෙන්ට් නොකරට එනවනම් කියවනවනම් එකෙන් වින්දනයක් ලබ්නවනම් ඇති... දිගටම එන්න සුබපතනව විබාගෙට හොදට පාඩම් කරන්න
Deleteසුදු පාට ලස්සනට ගලපලා තියනවා.....අකිබ් .... ඔයාගේ ජීවිතේට සමීපද.....?
ReplyDeleteගොඩක් සමීපයි ඒ චරිතයනම්... මේකට දාන්න වෙන නමක් මතක් වුනේ නෑ අනික සුහ්ඩු පාට ගැන ඇත්තටම මට දැනෙන හැගීම මෙතනත් මේ කොටසෙදිත් මට දැනුන හින්දයි ඒ නම දැම්මේ
Deleteසුදු පාට ගැනයි, කලු පාට ගැනයි මෙච්චර ලස්සන විග්‍රහයක් දැක්කමයි.
ReplyDeleteවෙලා අරගෙන, හිමිහිට ලියන්න
සුදු කලු...ඇත්තටම හිතෙන දේ ගොඩක් වෙනස් ඇත්තටම එතන තියෙන දේට වඩා..
Deleteබොහොම ලස්සන කතාවක්..
ReplyDeleteහොඳට කතාව ගලා ගෙන යනවා..
කලබල නොවී හෙමිහිට හෙමිහිට ලියමු..
සුබ පැතුම්..
හීන්සැරය හොදයි අනේ... කලබල නොවී ලස්සනටම හිමින් ලියමුකෝ ... ලස්සනයි අකී :))
ReplyDeleteඅම්මෝ කමෙන්ට් එකක් දාලා තිබ්බ නිසා මමත් ආව බලන්න මේ පැත්තට...ගොඩාක් දියුණු වෙලානේ...නියමයි සතුටුයි...දිගටම ලියන්න කියවනවා හැමදාම නැතත් පුළුවන් හැම වෙලාවටම
ReplyDelete