මම ඇහරෙද්දි උදේ පහ මාරත් පහු
වෙලා...දැනටමත් පරක්කුයි..අම්මනම් උදේම ඇහරිල දැන්ටමත් කුස්සියේ ඇත්තේ.. මම
හිමීට නැගිටල බැලුවා අකීබ් හොදටම නිදි...ආයෙත් සද්ද නොකරම මම අනිත්
පැත්ත හැරිල තද කරල ඇස් දෙක වහගත්ත..හොදටම වහිනව ටක ටක ටක ටක ගාල වැහි
බින්දු වැටෙන සද්දෙට නින්ද යන්නෙත් නෑ..ඒ මදිවට මේ මූසල සීතල..මම ශීට් එක
තවත් ටිකක් හොදට පොරවගත්ත..අද ගෙදර ඉන්න තියෙන්වනම් බොරු ලෙඩක්වත් දාල....
එහම හිතද්දිමයි මට මතක් වුනේ මගෙ ලිව්ම..අද වගේ දවසක් නාස්ති කරගන්න ඕනි නෑ
මේ ජරා වැස්ස හින්ද..
කොහොම හරි අද ගිහින් මේ ලිව්ම දෙන්න ඕනි කෙවීන්ට අව්ව්ව්ව් අද ඉදන් එයා මගේ බී එෆ් මුලු ඉස්කෝලෙම ඉන්න කෙල්ලො ටිකගේ හීන කුමාරය අද ඉදන් මගේම වෙන්නයි යන්නේ.., ඇත්තම කිව්වොත් මාත් ඉස්සර ඉදන්ම එයා ගැන අද දවස ගැන හීන මැව්ව ඒත් ඇත්තටම එහෙම දවසක් එයිද හිතුවේ නෑ.. අනික කොහොමටවත් මේක වෙයි හිතන්නත් බෑ මම වගේ සුදුමැලි පාන්ඩු පාට කෙල්ලෙක්ට කෙවින් වගෙ ලස්සන කෙනෙක් කැමති වෙයි කියනෙක හිතන්නත් අමාරුයි....
ලිවුම දෙන්න අද යන්න ඕනි කියල මතක් වුන නිසාම.. ශීට් එක අයින් කරල ඇදෙන් බැස්ස..අකීබ්නම් තාමත් හොදටම නිදි..නිදන් ඉද්දි වෙලාවකට් පවුත් හිතෙනව..කොයිතරම් රන්ඩු උනත් අකීබ් මට හිතාගන්නව්ටහ් බැරි තරම් ආදරෙයි..එයාගේ මුලු ලෝකෙම අම්මයි මායි..මේ පාර මගෙ උපන්දිනේට දෙන්න අකීබ් ලස්සන බෝනික්කෙක් අරන්ලූ ඒත් තාම මම නම් දැක්කෙවත් නෑ එයාව..අකීබ්ගෙ යාලුවෙක් තමා මටත් කිව්වේ..ඒත් කවතාවත් අකීබ්ගෙ උපන්දිනේට මම ලස්සන එයා ආසකරන තැග්ගක් දීල නෑ... එක පාරක් දුන්නේ මම බලල බලල මටම එපා වුන ෆිල්ම් වගයක්..තවත් පාරක් ගොඩක් ගාන අඩු චොක්ලට් වගයක්.. ඒත් අකීබ් මට කවදාවත් එහෙම කරල නෑ,හැමදාම මගෙ දුකකදි මගේ ගාව හිටියා,,අම්මට උයන වැඩ වලට පවා මටත් වඩා අම්මට උදව් උනා...
නිදන් ඉන්න විදියට ඇහරවන්නත් දුකයි...6වෙන්න තව වෙලත් තියෙන්වා..එයා හැමදාම 6ටනේ ඇහරෙන්නෙ.. මට එක පාරටම මතක් උනා අයෙම කෙවින්ව..කෙවීන් දැන් ඇහරිලද දන්නේ නෑ..මම පුරුද්දට වගේ ජනේලේ ලගට කිට්ටු උනා..ශි මේ මීදුම හින්ද පේන්නෙත් නෑ හරියට ඒ මදිවට එයාලගෙ සාලේ කර්ට්න් තාම ඇරලත් නෑ
"අකීෆා අකීබ් ඇහරෙන්න ඉස්කෝලෙ යන්නේ නැද්ද අද..."
අම්ම කතා කරද්දි තමා මට මතක් වුනේ වෙලාව ගැන..6.15යි මෙච්චර වෙලා මම හිත හිත ඉදලනේ කෙවීන් ගැන....අයියෝ හොදටම පරක්කුයි..අකීබ් තාම නිදි..මම ඉක්මනටම ගිහින් අකීබ්ව ඇහරෙව්ව එයාව ඇහරවනව කියන්නේ හරියට නිදන් ඉන්න කොටියෙක්ව ඇහරවනව වගෙ..ඇහරුන ගමන් බැනගෙන බැනගෙන යනව නිදි මතේම ඇහරුවට තරහට..කොහොම හරි අකීබ්ව ඇහරවල මාත් ලැස්ති වෙන්න ගියා...කෑම කනකොට 7ත් පහු වෙලා..ඒත් අපේ ගෙදර පුරුද්දක් තියෙන්ව කොච්චර වෙලා ගියත් කෑම මේසෙට ඉදගද්දි අපි 3න් දෙනාම ඉන්න ඕනි කියල..
"අම්ම දන්නවද අකීෆාට කොල්ලෙක් සෙට් වෙලානේ"
අකීබ් කිව්වේ තව බොන්චි කරල් දෙකක් බෙදාගන්න ගමන්
මම අකීබ් දිහා බැලුවේ පුදුමෙන් වගේම තරහින් මගේ ඇස් වලින් ගිනි පුපුරු පිට වුනේ නැති එක
"හා ඇත්තට...!!!අකීෆා"
අම්ම නම් කිව්වෙ විහිලුවට වගේ එතකොටයි මටත් තෙරුනේ මේක අකීබ් කිව්වෙ නිකන් ජෝක් එකට වගේ කියල "මේ බොරු අම්ම මෙයාගෙ "මම කිව්වෙත් විහිලුවකට වගේ පෙන්නන ගමන්
අපේ ඉස්කෝලෙ තිබ්බේ පයින් යන දුර..අම්මනම් ඉගැන්නුවේ ඊට වඩා ටිකක් දුරින් තියෙන ඉස්කෝලෙක..හැමදාම අකීබ්වයි මාවයි අපේ ඉස්කෝලෙ ලගින් බස්සගෙන තමා අම්ම ඉස්කෝලෙ යන්නේ..එත් මම නම් ආස පයින් යන්න ඉස්කොලේ එතකොට කෙවීන්වත් මට හම්බෙනවා..කෙවීන්ල ඉස්කොලෙ යන්න කලින් තම හැමදාම අපි ඉස්කෝලෙ ගියෙ..නැත්තම් අම්මට පරක්කු වෙනවනේ..
හැමදාම වගේ එදත් ඉස්සරහ සීට් එකෙ යන්න අකීබුයි මායි පොරකෑව.අද කොහොම හරි අකීබ් තමයි ඉස්සරහට පැන ගත්තේ..මමනම් අකීබ්ගේ මූනවත් බැලුවේ නෑ එයා අම්මට උදේම රක කිව්ව එකේ තරහට්...
කරෙකට නැග්ග වෙලා ඉදනුත් අකීබ්ගෙයි අම්මගෙයි වැඩේම මට විහිලු කරනෙක ..අම්ම හිතුවේ අකීබ් ඒක විහිලුවට කිව්ව කියලනේ.. මම වචනයක්වත් කතා කරේ නෑ බහිනකම්ම..නවත්තපු ගමන් කාර් එකෙන් එලියට බැග් එකත් අරන් පැනල "යන්නම් අම්මා " ගාගෙන ඉස්කෝලෙට දිව්වේ අකීබ්ව මගාරින්නමයි.මම පන්තියට දුවගෙන යද්දි ඉමාන් මම එනකම් බලන් හිටියා එයත් අපි වගේම කලින් එන්නෙ ඉස්කෝලෙට..අපි දෙන්නම බෑග් එක පන්තියෙන් තියල පහල පන්ති පැත්තේ ඇවිදින්න ගියා..ඉමාන් කට ඇරිය ගමන් ඇහුවේ කෙවීන් ගැන..ප්‍රශ්න වැලක්..ඊයේ ඉස්කෝලේ ඇරිල ගියාට පස්සේ කෙවීන්ව හම්බුනාද..එයාට දැන් හා කියනව්ද දාහක් ප්‍රශ්න...
''ඉමා....න් ප්‍රශ්න අහනෙක නව්ත්තල කියන්නකො අද මම ලස්සනද?"" ඇත්තටම කියන්නකො ප්ලීස් නැත්තම් කෙවීන්ට අද මාව දැක්කමම එපා වෙයිද දන්නේ නනේ
"හරි හරි ලස්සනයි ලස්සනයි මෝඩියේ කෝ ඔයාගෙ බොඩි ගාර්ඩ් පේන්න නැත්තේ ඇයි අද"
එයාල මගේ බොඩි ගාර්ඩ් කියල කිව්වේ අකීබ් ට
"ආඅහ් ඒ කේලමා එක්ක මගේ දැන් ගනුදෙනුවක් නෑනේ"
"ඇයි මොකෝ වුනේ ඒ පාර ආයෙම එයා ඔයාගෙ තේකට පනුවෙක්වත් දැම්මද"
"ආපෝඉ ඊට අන්තයි...." මම කියල ඉවර කර්න්න කලින්ම ටානිය අපි දිහාට දුවගෙන ආව
"මෝඩයෝ දෙන්න කොහිද රවුම් ගගහ හිටියේ..මම හැමතැනම හෙව්ව"
ටානියයි ඉමානුයි බල කරපු හින්ද එයාලටත් ලිව්ම පෙන්නුව..කොහොම කොහොම හරි ඉස්කෝලෙ පටන් ගන්න බෙල් එක ගහනකම් කතා වුනේම ඒ ගැන..පන්තියට යන්න කලින් මම කොන්ඩෙ එහෙමත් ටිකක් හදාගෙන ගියේ මට මැවිල පේනව කෙවීන් එයා වෙනද ඉදන් ඉන්න තැනම ඉදන් ඉන්න හැටි හැමදාම මම පන්තියට එන්නේ එයා දිහා බලන් එත් කවමදාවත් එයා මන් දිහානම් බලල නෑ... ඒත් අද ශුවර් එයා මන් දිහා බ්ලන් ඇති..ඒත් අනේ මන්ද මම unifm එකට කැතද දන්නේ නෑ..තද නිල් පාට ගව්මයි යටින් සුදු ශර්ට් එකයි තමයි අපේ ඉස්කෝලෙ උනිෆෝම් එක.. මම ගොඩක් සුදුමැලි පාටට පේනව ඒ ඇදුමට...5ස් වෙනි පාරටත් මම ටානියගෙනුයි ඉමාන්ගෙනුයි මම ලස්සනද අද ගග ඇහුවා..." ඔව් ඔව් මෝඩියේ අනික මේ කෙවීන් ඔයාව උනිෆෝම් එකෙන් දකින පලවෙනි පාර නෙවෙයි අවුරුදු එකොලහක් තිස්සෙ එයා ඔයාව ඔහොම දැකල තියෙන්ව" ටානියි ඉමානුයි දෙන්නම එහෙම කියල හිනා වුනා
අපි ඉක්මනටම පන්තියට ගියා...කෙවින් පුදුම තරම් ලස්සනට පන්තියේ ඉස්සරහම පේලියේ ඉදන් හිටියා මම එයාගෙන් ඇස් අහකට නොගෙනම පිටිම පස්සෙ මැද පේලියට ගිහින් ඉදගත්ත.. පිටි පස්සෙ දෙවෙනි පෙලියේ තමා ආකිබුයි එයාගෙ යාලුවෝ 3න් දෙනයි හිටියෙ... මම ඉදගත්ත ගමන් ආකිබ් මගෙ පැත්ත හැරුනා...
"ඔයාට බෑ මාත් එක්ක තරහ වෙන්න"
"නෑ මට පුලුවන් කේලමා"
ටීචර් ආව හින්ද තවත් කතාව දික් ගැහුනේ නෑ අකීබ්ට ඉස්සරහ බලාගන්න වුනා.
කෙවීන් දිහා මට බලන්නවත් අකීබ්ට මාත් එක්ක කතා කරන්නවත් කිසිම වෙලාවක් හම්බුනේ නෑ එක දිගටම අපිට ඉගැන්නුවා
ඉන්ටවල් එකේදිත් අකීබ් මාත් එක්ක කතා කරන්න ආවට මම එයාව මගෑරියා..කෙවින්ට ලිව්ම දෙන්න යන හැමවෙලේම අකීබ් මගෙ පස්සෙන්ම ආව හින්ද ඒකත් බැරි උනා...කාල ටානියයි මායි ඉමානුයි අත හොදන්න යද්දි අකීබ් මගෙ උරහිසෙන් තදින් අල්ලල එයාගෙ පැත්තට හරවගත්ත..
"ප්ලීස් අකීබ් පාඩුවෙ ඉන්නවද..ඔයා එක්ක ආයේ මගෙ කිසිම ගනුදෙනුවක් නෑ"
"අකීෆා ඔයා මගෙ නන්ගි,ඔයාට බෑ මට එහෙම කරන්න මේ වගෙ පොඩි ඒවට තරහ ගන්න ඔයා බබෙක්ද අකීෆා"
"මම බබෙක් වුනත් නැතත් ඔයාට වැඩක් නෑ කේලමා ඔයත් එකයි අම්මත් එකයි.. "
"එහෙම කියන්නෙප අකීෆා..මම පොඩි කාලේ ඉදන් ඔයාගෙ යාලුවත් නේද"
"පොඩි කාලේ ඉදන්ම ඔයා මගෙ ජීවිතෙන් නැත්තම් හොදයි..මට ඕනි නෑ පැය 24රේම මගෙ පස්සෙන් එන බොඩි ගාර්ඩ් කෙනෙක්.,ඔයා නැතුවට මට වෙන යාලුවො ඉන්නව අකීබ් ඇත්තමයි ඔයා නැත්තම් මට මීට වඩා සතුටෙන් "
අකීබ් කෙලින්ම අනිත් පැත්ත හැරිල එයාගෙ යාලුවන්වත් ඇදගෙන ගියා එතනින් එයාගෙ යාලුවෝ මට රැව්ව..මාත් රවල අහක බල ගත්තම ටානිය ඇවිත් ''ඇයි අකී ඔහොම එයාට කතා කරෙ එයාගෙ හිත ගොඩක් රිදිල වගේ ගියෙ"
"අනේ ටානි ප්ලීස් පාඩුවෙ ඉන්නවද.,ඔයාටත් මට වඩා වටින්නේ එයාවද? "
"අඉයෝ අකීෆ අපි එහෙම කිව්වද දැන් නෑනේ,හරි කෙල්ල ඕව අමතක කරල අපි දැන් යමුකො කෙවින් කොහිද් බලන්න"
ඇත්තටම මට මුලු දවසෙම කෙවීන්ට ලිව්ම දෙන්න හම්බුනේ නෑ..ඒත් තව දුරටත් අකීබ් මගේ පස්සෙන් ආවෙනම් නෑ..එයාව දකින්න හම්බුනෙත් නෑ ස්පෝර්ට් මීට් හින්ද අන්තිම පාඩම් තුන අපිට ඉගැන්නුවෙ නෑ.ඒත් මම ගොඩක් තරග වලට හිටිය හින්ද ඒ මුලු වෙලාවෙම නිදහසක් හම්බුනේ නෑ..ඉස්කෝලෙ ඇරෙන බෙල් එකත් ගැහුවා...ඒත් මේ ලිව්ම නොදී ගෙදර යන්නෙ කොහොමද අද මගෙ දවස..මගෙ ජිවිතේම වෙනස් වෙන්න තියෙන දවස එහෙම නිකන් නාස්ති වෙන්න දෙන්න බෑ...
ඉමාන් බැග් එකත් අරන් යන්න ආව ගේට් එක ගාවට... "අකීෆා ඔයා එනවද"
"ඉමා කෝ ටානිය"
"ටානි හයි ජම්ප් ඉන්න හින්ද ප්‍රැක්ටිස් වලට ඉදල එන්නේ ඔයා යන්"
"ඉමා ඔයා යන්න මම ටානි එනකම් ඉන්නව"
එතකොටම ටානිය ආව එතනට
"අකී අන්න ඔයාලගෙ අම්ම ඇවිත් එක්කන් යන්න ගේට් එක ගාව ඉන්නව"
"අයියෝ එහෙනම් මම ඉක්මනට අම්මට අද පරක්කු වෙලා එන්නේ කිය්ල එන්නම්"
මම ගේට් එක ගාව්ට යනකොට අම්මගේ කාරෙක නවත්තල තිබ්බ.ඒ වෙනකොටත් අකීබ් නැගල ඉස්සරහ ඉදන් බුම්මන් හිටියෙ මගේ මූනවත් බැලුවේ නෑ..එයාව හොදටම රතු වෙලා.මම වගේම එයා සුදුමැලි හින්ද පොඩ්ඩක් ඇඩුවත් තරහින් හිටියත් මුලු මූනම රතු වෙනවා..එයා මව ගනන්වත් ගත්තෙ නෑ..මාත් මොකට නෝන්ඩි වෙනවද මාත් එයාව ගනන් නොගෙන හිටියා "අම්මි අද මට ප්‍රක්ටිස් තියෙනව ඉවර වෙද්දි 4රවත් වෙයි මම ටානිය එක්ක එන්නම්"
"හා දුව පරිස්සමෙන් කොහිවත් ඇවිදින්න නොයා ගෙදරම එන්න"
"ඔකේ අම්මි බායි"
මම ටානිය දිහාට දුවගෙන ගියේ ගොඩක් සතුටෙන්.. "ටානි ඔයා කෙවින්ව දැක්කද??"
"ආහ් කෙවිනුත් ඇහුවා ඕකම දැන් මගෙන් ඔයා කො කියල අන්න ඔයාව හොය හොය ග්‍රව්න්ඩ් එක පැත්තට ගියා...බබා මම දැන් යනව ටීචර් එන්න කිව්ව මටත්"
"ඔකේ ටානි බායි"
"බායි බායි හැපී මන්ගලම්"
"යනව යනවා විහිලු නොකර"
මම ග්‍රව්ඩ් එක පැත්තට දුවගෙන ගියා අව්ව් කෙවින් කිරිගරුඩ පිලිමයක් වගේ හදල තිබ්බ හව්ස් එකකට හේත්තු වෙලා හිටිය.. එයා ගාවට යද්දි මම ආපු වෙගේ ටිකක් අඩු කරල ඉක්මනට කොන්ඩේ අතෙන් හදාගෙන ගියේ..එයා මාව දැක්ක... එයාගේ ඒ බැල්මට මගෙ මුලු ඇගම සීතල වුන..මට තේරෙනව මගෙ මුලු මූනම රතු වෙනව කියල
"කෙවින් මේ මම..මම"මට වචනත් පැටලවෙනව එයාව දැක්කම,වෙනද්ටත් වඩා එයා ගාවදි මට ලැජ්ජවක් එනවා
"අනේ අකී මෙ මොකද මේ රතු වෙලා ලමයෝ"
ලමයෝ?එයා මට ලමයෝ කියල කතා කරා අනික මෙහෙම ලන් වෙලා උහ්හ්හ්හ් මාව මේ වෙලාවෙ කලන්තේ දායිද
"කෙවීන් මම මේ ආවේ"
"ඔව් ඔයා... අවෙ?"
එහෙම කියල එයා ලස්සනට මාව වශී වෙන විදියට හිනා වෙලා.. හිමින් ඉස්සරහට ඇවිදින්න ගත්ත මාත් ඉබේටම එයා එක්ක ගියා
"මම.....එම්ම්ම්ම්"
"මම..........."
කියල ඉවර කරන්න කලින් පොඩි නන්ගි කෙනෙක් දුවන් ආව.."අකීෆා අක්කි ඔයාට ඔෆිස් එකට එන්නලු"
"මොකක් මට"
"කමක් නෑ අකී ඔයා ගිහින් එන්න එතකන් මම මෙතන ඉන්නම්"
කෙවින් ඒක කිව්වෙ ගොඩක් බ්ලාපොරොත්තු කඩ උන හඩකින්
මට මට මොකටද ඔෆිස් එකට එන්න කියන්නේ මම වරදක් කරෙ නෑනේ.. කිසිම වරදක්..වෙනද වගේ ඉස්කොලෙ පොකුනට කාවවත් තල්ලු කරෙත් නෑ. කාටමහරි ලමයෙක්ට සැරෙන් බැන්නෙත් නෑ..
දාහක් ප්‍රශ්න හිතේ තියන් මම ඔෆිස් එකට ගියේ..
"එස්කියුස් මේ මැඩම් මට කතා කරාද"
මැඩම් මම දිහා බැලුවේ අමුතු විදියකට වෙනද ව්ගේ තරහෙන් නෙවෙයි
හරියට එම්ම්ම් හරියට මැරුනු කුරුලු පැටියෙක් දිහා බලන්ව වගේ
"අකීෆ ඔයා එනකම් හිටියෙ ඇවිත් ඉදගන්නකො මෙතනින්"
"අනේ අම්මටනම් කියන්නෙප මැඩම් මම හිතල වරදක් කරෙ නම් නෑ මැඩම්'
"අකීෆ දුව නෑ නෑ ඔයා වරදක් කරාට නෙවෙයි එන්න කිව්වෙ දුව ඔයාට වැදගත් දෙයක් කියන්න තියෙනව ඒත් කලබල වෙන්න එපා දුව ඔයාට අපි ඉන්නවනේ"
මොකක් මැඩම් මේ මොකක්ද කියවන්නේ..කව්දාවත් නැතුව දුව කියල මට කතා කරන්නේ
"ඇයි මැඩම් ඇයි එහෙම කිව්වෙ මේ පාර මම මොනාද කරෙ මැඩම්"
"දුව ඔයාගේ අම්මගෙ කාර් එක..."
ඊට පස්සේ මැඩම් කිව්ව එක වචනයක්වත් මට ඇහුන් නෑ මුලු ලෝකෙම හයියෙන් මගෙ වටෙට කැරකෙවෙනව ව්ගේ දැනුනා... මැඩම් කියන හැම්දේම ඈතක ඉදන් කව්ද කියන ඒව වගේ ඇහුනේ
හොද අාරම්භයක්.. හිතුවෙවත් නැති අවසානයක් (කථාවේ)
ReplyDeleteදිගටම ලියන් යමු....
ජය වේවා!!!!
මම හිතුවේ නෑ කවුරුවත් මගෙ කතාව කියවයි කියල...ගොඩක් ස්තූතියි මේ පැත්තේ ආවට
Deleteලස්සන කතාවක් සහෝ.
ReplyDeleteබ්ලොග් එකේ වර්ද්වෙරිෆිකේෂන් අයින් කරන්න කියවන අයට පහසු වේවි කමෙන්ට් කරන්න ...
ගොඩක් තැන්ක්ස් අක්කි මතක් කරාට..ඕන් අයින් කරා..ස්තූතියි මේ පැත්තේ ආවට.ඔයාගෙ බ්ලොග් එකත් මම ඉස්සර ඉදන් කියවන්වා..ලස්සනයි ඒක
Deleteඔන්න මාත් ආවා මේ පැත්තට.. දිගටම ලියන්න සුබ පැතුම්..
ReplyDeleteගොඩාක් ස්තූතියි ආවට අයියේ..ඔයාල ආව එක මට හයියක්
Deleteසුපිරි ලියවිල්ල......... දිගටම ලියන්න ....දන්න අයට කියනව ඔබව බලන්න එන්න කියල....
ReplyDeleteස්තූතියි ., අනේ එහෙම කියනවනම් ගොඩක් සතුටුයි
Deleteඉස්කෝලෙ යන කාලේ අර තරඟෙට වගේ ලියන්න පටං අරං බාගෙට ලියල පැත්තකට දාපු මගේ පරණ ලව් ස්ටෝරියක් මතක් උනේ... දැං ඒවා ආපහු ලියන්න පටං ගන්න බැරි මේ විදියට හිතන්න බැරි තරං වයස හින්ද... ඒකයි මේ කතාව මගේ හිතට ඇල්ලුවෙ...
ReplyDeleteඅනේ Word verification අයින් කරන්න...
Settings - Posts and comments - Show word verification - NO
ස්තූතියි අක්කි ඒක අයින් කරන්න කියල දුන්නට...
Deleteඅනේ එහෙම නෑ ආයෙම ලියන්න පටන් ගන්න මතක වලට අවුරුදු ගැන ගානක්වත් නෑනේ..ඒව හිතේ තිබුනු තැන් වලම වැලලිලා තියෙනව තප්පරයක් ඇති ඒ වැලලුනු මතක ගොඩ ගන්න.... ආසයි කියවන්න ඒ කතාවත්
දිගටම ලියන්න .....
ReplyDeleteජයවේවා!!!!!
ගොඩක් ස්තූතියි සහෝ මෙ පැත්තේ ආවට... ඔයා තමයි මේ බ්ලොග් එක 2වෙනියට ෆලෝව් කරපු එක්කෙනා :)
Deleteදිගටම ලියාගෙන යන්න.මේක ජනප්‍රිය නවකතාවක් වෙයි.ඒ අදහස ඔළුවෙ තියාගෙන ලියන්න.මගෙ අත්දැකීම නම් ඇත්ත ලියන තරමට ලේසියි ඒ වගේම රසවත්.ඇත්ත සිදුවීම් කතන්දර ස්ටයිල් එකට හරවගෙන ලියන එක හොඳයි.ඔයා දැනටමත් ලියන්නෙ එහෙම තමයි.
ReplyDeleteමේකනම් ඇත්ත සිදුවීමක් අත්දැකීමක් ව්ටේට පාට ගාල දාපු කතාවක්..ඔයාගෙ බ්ලොග් එකත් මම කියවනව නිතරම..මගේ කතාව වගේම ජීවිත කතාවක් තියෙන එකක් හින්ද...ඒ වගේ බ්ලොග් හින්දයි මාත් මේ ලියන්න උත්සහ කරේ
Deleteසුබ පැතුම්.…!!
ReplyDeleteදිගටම ලියන්න.
Word verification නම් අයින් කරන්න වෙනවෝ……
Deleteඅයින් කරෝ...තැන්ක්ස් අයියේ දිගටම එන්න කියවන්න
Deleteකතාව කියෙව්වා , මේක මෙතනින් ඉවරද තව තියෙනවද? ඉවරනම් කියන්න තියෙන්න හොඳ අවසානයක් කෙටි කතාවකට , කතාව ගලාගෙන ගිය දඟකාර රිද්මය නම් හොඳයි , බස්සිගේ කෙටිකතා වගේ
ReplyDeleteඅර උද හිරු කියලා තියෙන විදිහට word verification අයින් කරන්න , නැත්තම් කවුරුත් කොමෙන්ට් කරන එකක් නෑ
Deleteමෙතනින් ඉවර නම් නෑ..තව පොඩි කොටස් ගානක් තියෙන්නේ..ඊට පස්සේ.මගෙ නොවන ජිවිත කතා ටිකක් දාන්න ඉන්නේ මුස්ලිම් ගෑනු ලමයින්ගේ.ස්තූතියි මේ පැත්තේ ආවට දිගටම ඉන්න :)
Deleteඔයාගෙ කතාව මාර ලස්සනයි නංගා මම දැනුයි කියවලා ඉවර කලේ.... කතාව මෙතනින් ඉවර නෑ නේද? දිගටම ලියනව නේද? සුභපැතුම්! දිගටම එනවා කියවන්න.
ReplyDeleteඔව් අක්කි දිගටම ලියනව... කතාවනම් ඉවර වෙයි ඒත් තව කතා එක්ක මම එනවා.. ලියන එක නවත්තන්නේ නෑ..ඔයාගෙ බ්ලොග් එකත් නිතර කියවනව..ගොඩක් ලස්සනයි
ReplyDeleteලස්සනට ලියනවා.... ජයවේවා
ReplyDeletethanks :* ilaga chapter ekenuth tikak balanna ..ekanam tikak boring
Deleteසාර්ථක උත්සාහයක් දැනට මං කියෙව්වේ මේ කොටස පමණයි. වෙලාව ලද විගස අනිත් කොටස් දෙකත් කියවන්නම්. වෙනස් සංස්කෘතියක ( මුස්ලිම්) ගති ලක්ෂණත් හැකි තාක් එක් කරන්න මේ කතාවට. ඒ මන්ද යත් අපට එවිට ඔබේ සංස්කෘතියත් ස්පර්ශකරන්න හැකිවන නිසා.
ReplyDeleteඔබ සාර්ථකයි... සුබ පැතුම්.
ඉස්සරහට ලියන් යද්දි ගොඩක් දුරට එකතු වෙනව සස්කෘතිය...නීතී.,දුක.,දාරාගනීම හැමදේම...පට්න් ගැන්මෙ විතරයි මෙහෙම සරලව කතාව ගලාගෙන
Deleteඅයියෝ ඒ මොකක්ද උනේ අන්තිමට
ReplyDeleteඊලග පෝස්ටුවත් කියවල බලන්ඩෝ
Delete