...ඈතට...
"එකයි දෙකයි තුනයි හතරයි පහයි හතලිස් තුනයි හතලිස් හතයි......."
පුන්චි කලු පාට අත් දිග ගවුමක් ඇදගත්ත ගෑනු ලමයෙක් බිත්තියක් පැත්තට හැරිල ගනිනව...ඇස් දෙකම අතින් වහගෙන..එයා හරියට මම වගේ ඔව් ඒ මම හරියටම පොඩි කාලේ ෆොටෝස් වල හිටියේ ඒ වගේ මම...ඔව් මට මතකයි ඒ මම
"අකීෆා මෝඩි හරියට ගනන් කරනව මම අහන් ඉන්නේ"
ඈතක ඉදන් ඒ හඩ ඇහුනත් මට ඉක්මනින්ම අදුරගන්න පුලුවන් වුනා.. ඒ අකීබ්.. අක්"අකීබ් ..." මම කෑ ගැහුව ඒත් එයාට ඇහුන් නෑ.
"මම ගනන් කරල ඉවරෝ ඔන්න මම එනවා"
පුන්චි කලු ගව්මක් ඇදන් ඉන්න ගෑනු ලමය හිමින් හිමින් යන්න ගියා මාවත් එයාගෙ පස්සෙන් ඉබේටම ඇදිලා ගියාවට පිටාව බොදයි හරියට හීන් මීදුමක් තියෙනව වගේ...
පුන්චි ගෑනු ලමය හැමතැනම බලනව ඇද යට ජනෙල් රෙදි ඇතුලේ ඒත් එයාව දකින්නවත් නෑ...
ඒත් එක පාරට මගෙ පිටි පස්සෙන් සද්දයක් ඇහුන සාලේ තියෙන ලොකු ජනෙලේ තිර් රෙද්ද පිටි පස්සෙ වගේ..මම එතනට දුවල ගිහින් තිර රෙද්ද එහාට කරල බැලුවා..නෑ එයා නෑ...
පුන්චි ගෑනු ලමයත් හැමතැනම හොයනවා.. හිමින් හිමින් එයාව් මැකිල යනව වගේ මීදුම එයාගේ වටේට ගන වෙනවා..මම ඇස් දෙක් තදින් පියාගෙන ආයෙම හැරිලා බැලුව.,එයා නෑ...
මම ගේ හැමතනම දිව්ව කිසිම අර්මුනක් නැතුව "අකීබ් අකීබ්..."
කොච්චර කතා කරත් අකීබ් හැන්ගුන තැනින් එලියට ආවෙ නෑ..
ඒත් වෙලවකට මගේ වටේ කුස්සිය හරියේ සාලේ මුල් ගේ පුරාම පොඩි පිරිමි ලමයෙක් හිනා වෙන හඩ ඇහුන ඔව් ඒ අකීබ්ගෙ හඩ මට හොදටම මතකයි...ඒත් මීට අවුරුදු ගානකට කලින් ඒ අපි ගොඩක් පොඩි කාලේ
එක පාරටම අකීබ් මාව පහු කරන් දිව්ව කියන්න බැරි වෙගෙකින් මාව පහු කරේ..ඒත් දැන් කාලෙ අකීබ් නෙවෙයි පුන්චි පිරිමි ලමයෙක්..
තද රතු පුන්චි කලිසමකුඉ අලුයි සුදුයි ජර්සි එකකුයි පුන්චි නිල් තොප්පියකුයි දාන් හිටිය පුන්චි ලමයෙක්..අකීබ් පොඩි කාලේ ආසම ඇදුම.. ඒ සුවද හැමදේම පුරුදුයි.. "අකීබ් ..."
මමත් කෑ ගහන් අකීබ් පස්සෙන් දිව්ව මොකක්ද නොදන්න හේතුවකට හයියෙන් හිනා වෙන ගමන්..අකීබ් දුවල ගියේ කුස්සියට පැත්තට...ගිහින් කවුදු ගෑනු කෙනෙක්ගෙ ගව්මේ කොනකින් අල්ලගෙන එයාට මුවා වුනා.. කෙලින් පිට මැදට වැටෙන සිල්ක් නූල් ගොඩක් වගේ තනි කලු කොන්ඩයක්.කෙට්ටු ලස්සන ගෑනු කෙනෙක්..ඉර එලිය වගේ කහ පාට ගව්මේ පුන්චි රෝස පාට මල් වැටිලා... ජනෙලෙන් ආව කහම කහ ඉර එලියට එයාගෙ කොන්ඩේ තැන තැන දුබුරු පාටට දිලිසුනා..හරියට සුරන්ගනාවියෙක් වගේ ..මගේ හිතට එක පාරටම දැනුන දේ මේක හීනයක්ද??
ඒ සුරන්ගනාවි හිමින් මගේ පැත්ත හැරුනා සුදුම සුදු මූන රතු වෙලා එක අතකින් ජනේලෙන් එන කහ ඉර එලිය මුවා කරන්න හදන ගමන් මන් දිහා බැලුවේ තරවටු කරන තාලෙකින්..
''අකීෆා මොකද මේ ගේ වටේ දුවන්නේ"
තප්පරයයි ගියේ මට ඒ කටහඩ අදුරගන්න "අම්මා.."
මම එහෙම මිමිනුවේ එයාට ඇහෙන්නම නෙවෙයි මගේ හිතටම කියාගන්න තරම් හෙමින්
"මගෙ සුදු අකී පැන්චි මූන ඇබුල් කරන් ඇයි"
එයා හිනා වුනා ගොඩාක් ලස්සනට ගොඩක්ම ගොඩක් හරියට සුරන්ගනාවියක් වගේ ඒත් ඒ හඩ හිමින් හිමින් මැකිලා ගියා මාව ඈතට ඇදිල යනව වගේ දැනුනා... "අනේ අම්මා මාව අල්ලගන්න"
මම අම්මගෙ දිහාට අත දිග් කරා ඒත් එයා අත් දෙකෙන්ම අකීබ්ව තුරුල් කරන්
මාව ඇහුන් නෑ වගෙ දිගටම හිනා වුනා ඒත් එක්කම එයා කුස්සියේ දොර පැත්ත බැලුවා..පුන්චි කලු ගව්මක් ඇදන් හිටිය ගෑනු ලමය දුවල ඇවිත් එයාට තුරුල් වුනා... අකීබ් එයාගෙ දිග කොන්ඩ කරලින් ඇද්දා.. කෑ ගගහ අකීබ්ව පන්න පන්න එයා අම්මගේ වටේට දිව්ව.ලාලා ලාලා ලාලා...අකීබ් මාව තරහ ගැස්සුවම හැමවෙලේම කියන දේ...ඒ තාලේ මට හොදටම හුරුයි..වෙලාවකට හයියේන් වෙලාවකට හිමින් හිනා හඩ..., අකීබ්ගෙ තාලේ.., ඇහුන මම අත් දෙකෙන්ම ඔලුව තද කරල අල්ලගෙන ඇස් පියාගත්ත.."ලාලා ලාලා.." ඒ හඩ දාරාගන්නත් බැර් තරම් හයියෙන් මගේ වටේට කැරකුනා වෙලාවකට මී මැස්සෝ පියාබන හඩ තරම් හීනි හඩක් විදියට.තව වෙලාවකට අහස ගොරවන තරම් හයියෙන්.මම ඇස් දෙක තවත් තදින් පියාගත්ත.......හිනා හඩ හිමින් හිමින් අඩු වුනා...කලුවර මීදුම හිමින් මාව වෙලා ගත්තා...
ඉතාමත් සංයමයකින් සිහිනයක් හෝ මනෝ භ්‍රාන්තියක් ඔස්සේ ඔබ කතාව අගේට ඉදිරියට ගොඩනගනවා. නියමයි.
ReplyDeleteමේක ලියන්න හිතපු එක්ක නෙවෙයි... ඉබෙටම ලියවුන එකක් පටන් ගත්තම ඔහේ ලියවුනා
Deleteනලියො කොහෙන්ද බං වචන ටික :3
Deleteතේරුන් නැතත් තේරුන වගේ ඉන්ට ඕනි නැත්තම් ඉතයි මූඩයි කීල හැක හැක
Deleteලස්සනයි නංගි..... ඔයාගේ කතාව ලිවීමේ ශයිලිය super..... හරියට සුරංගනා කතාවක් වගේ. ඔයාට දිගු ගමනක් යන්න පුළුවන්. මට මේ ලිවිම ගැන කියන්න වචන නැ. විශේෂයෙන් ඔයා මුස්ලිම් කෙල්ලක් වෙලා, සිංහල භාෂාව , සාහිත්‍ය හසුරුවන ආකාරය අපුරුයි.....
ReplyDeleteමුලිම ස්තුතියි අක්කි කතාව කියවන්න දිගටම එන එකට.. ඔයාල හින්ද ලියන්න ආස හිතෙනව..නැත්තම් එක දිගට මට මෙහම දෙයක් කරන් යනව කියනේක හරි කම්මලි වැඩක්... මම ගොඩක් ඉස්සර ඉදන් ට්‍රයි කරේ අනිත් අයගේ විදියක් කොපි කරන එක හැමපාර අසාර්තක වුන හින්ද මේ පාර ස්ටයිල් එකක් ගැන නොහිත හිතට එන විදියටම ලිව්වේ
Deleteහම්මේ...
ReplyDeleteසෑහෙන කාපෙලකින් පට්ට ලිවිල්ලක් කියව්ව...
කතාව ගලපල තියෙන ආකාරයට සිතුවම් මැවෙන්නෙ චිතුපටයක වගේ...
ඇත්තටම අපූරු නිර්මාණයක්.
ජයවේවා
ස්තූතියි මේ පැත්තේ ආවට වගේම අදහස් ලියල ගියාට..ඒක මට ලොකු හයියක්..දිගටම එන්න කියවන්න... මේ කොටස දැම්මෙ Chapter 4 දාන්න හිතන් ආවට ඒක ලියන්න කම්මලි හිතුනා
Deleteමුල ඉදලම ඇවිත් කියවලා ගියා ,ඔහොමම ලියාගෙන යමු හොද පිළිවෙලට ලියනවා ..
ReplyDeleteජය ....
ගොඩක් ස්තූතියි මුල ඉදන්ම හිටියට..ඉස්සරහටත් එම ඉදියි කියල හිතනව.. :*
Deleteඔන්න මමත් ආව. පට්ට ලියවිල්ල හොඳේ... දිගටම ලියන්න අපි එනව දුවේ...
ReplyDeleteහා පුතේ දිගටම එන්න මේ පැත්තේ ...මේකේ මුල් කොටස් ටිකක් තියෙනව කියවල අදහස් කියල යන්න..ගොඩාක් ස්තූතියි ආවට මෙ පැත්තේ
Deleteකතාව සුපිරියි නංගියා.... :D
ReplyDeleteතැන්කූ අක්කියෝ
Deleteනියමයි.. ඉතුරු ටිකත් ඉක්මනට ලිවුවනම්..
ReplyDeleteඔන්න ලිව්ව
Deleteඕයේ , මං බොට කීවා නේ .. එලම එකක් බං .. අයෙ පට්ට .. :D :D දිගටම ලියපාආආආආආආආආම් .. විස්සූ ඕල් ඩ බෙට් .. සුබපැතුම් ඇ .. :D :D
ReplyDeleteතැන්කූ බන් :* මාව අදුරන අයගෙන් කියවන්න ආව එකෙම කෙනා ඔයා
Deleteඅදයි කියවන්න ලැබුනේ.... බලමු ඉස්සරහටත්
ReplyDeleteඉස්සරහටත් මාත් එක්කම ඉදියි කියල හිතනවා..
Deleteඅදයි අපිත් මෙහෙට ආවේ. විශේෂයෙන් ම මේ වාතාවරණය යටතේ ඔබ විසින් මේ නමින් බ්ලොගයක් ආරම්භ කිරීම අගය කරනවා. දිගට ම එන්නම්කෝ......................
ReplyDeleteගොඩාක් ස්තූතියි කියවන්න ආවට... ලිවීමට බාදවක් වෙන දෙයක් මෙච්චර කාලෙකට වුනේ නෑ..කවුරු මොනා කරත් මම ලියනව දිගටම
Deleteකෝ අද කොටසක් නෑනේ.... හ්ම්ම්.......... ඉක්මනට ඉතිරි කොටස ඕනා අකී.......... :)
ReplyDeleteඔයා තමයි මගේ කතාව ආසවෙන්ම කියවන එක්කෙනා බලාගෙන යද්දි :)
Deleteමැක්සිම් ගෝර්කිගෙ කාලේ ලියවිල්ල මතක් උනා. ඒ කාලෙ ලේඛකයෝ යම් දෙයක් විස්තර කරන්න ගියහම ශොර්ට් කට්ස් නැහැ. ගහේ දල්ලේ පාටෙ ඉදන්, කොල හෙලවෙන සද්දෙ, කදේ ඉන්න කුරුමිණියගෙ පාට හරහා මුල නිවහනක් කරගත්ත පනුවගෙන් තමයි ගහේ වරුණාව ඉවර කරන්නේ.
ReplyDeleteඔබටත් ඒ ගුණාංග තියෙන බව පෙනෙනවා.
මට සින්හල හොද (ලොකු ) පොත් කියවන්න වැඩිය හම්බෙලා නම් නෑ... ගන්න තැනක්වත් හොද පුස්තකාලවත් මෙහෙ නෑනේ..මගේ ගාව තියෙන්නේ ගොඩක් පොඩි ලමයින්ගේ කතා පොත් තමයි..ඔහොම කිව්වම තව පොත් අරන් කියවල බලන්නත් හිතුනා
Delete