Sunday, June 8, 2014

....හැමදේකටම කලින්..,සාමන්‍ය දවසක්...

       ඒ නපුරම නපුරු දේ වෙන්න කලින් දවසෙ හැමදේම සාමන්‍යයි..ඒත් සාමන්‍යමත් නෙවෙයි ඇත්තටම කිව්වොත් මම හිටියේ ගොඩක් සතුටින්..මට හිතුනා හෙට ඉදන් මගෙ ජීවිතේ ගොඩක්ම ගොඩක් වෙනස් වෙයි කියල..ඒත් ඒ නරක විදියකට නෙවෙයි ගොඩක් හොද විදියට....
                          
                                    මම එක වසරේ ඉදන් ගියේ එකම ඉස්කෝලෙකට..මම ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි ලමයෙක් නෙවෙයි..ඇත්තටම වලි කෙක්කෙක්..මට ඕනි විදියට හැමදේම වුනේ නැත්තම් ඒ දේ කොහොමම හරි කරගන්න මට පුලුවන් කම තිබුනා...පන්තියේ හැමොම මාත් එක්ක කතා කරා.උදේම මම එද්දි ගුඩ් මෝර්නින් කිව්වා...ඒත් මම හොදටම දැනන් හිටියා ඒ මට තියෙන බයට මිසක්  යාලු කමකට නෙවෙයි කියලා..මට කියල හොදම හොද යාලුවෝ හිටියේ දෙන්නයි..ටානියායි ඉමානුයි..,මගේ මුලු ජිවිතේම එයාල දන්නව කියලත් වෙලාවකට හිතෙනව ඒතරමටම එයාල මට ලගයි...,ඇත්තම කිව්වොත් මගේ තාත්ත ගැන පවා එයාල දන්නව.. අනිත් හැමෝමටම මම කියල තියෙන්නේ අපේ තාත්ත මැරුන කියලා මම ඉපදුන දවස් වලම..මම දන්නව ඒ බොරුව මහම මහ නපුරු ජාරා බොරුවක් කියල..ඒත් මම ඉපදුන දවස් වලම මාවයි මගේ අහින්සක අම්මිවයි දාල ගිය තාත්ත කෙනෙක් ගැන කියන්න මටම ලැජ්ජයි ඊට වඩා එයාව මෙහෙම පනපිටින්ම හිතෙන් මරල ඉන්නෙක හොදයි කියල හිතුනා..මගේ තාත්ත ඉස්ලාම් අම්මිත් ඉස්ලාම්..ඒත් අම්මගෙ තාත්ත සින්හල අම්මිගෙ අම්මි තමා ඉස්ලාම්..අපේ ආගමේ හැටියට වරදක් නෑලු එහෙම දෙන්නෙක් බදින එක..ඒක නීතිමය වශයෙන් වරදක් නැති උනාට අනේ මන්ද මම හිතන්නේ නම් ඒක වරදක්..ඒ ජරා වරද හින්ද මායි අම්මයි අද මෙහෙම විදවන්නේ.,ඒ වගේම අම්මි අපේ ආගමෙන් මේතරම් දුරස් උනෙත් ඒක නිසාම වෙන්න ඇති......,


                                         හරි ඒ නපුරු අකමති ඒව හිතල මම මොනාට හිත නරක් කරගන්නවද,අද වගේ දවසක.ඊට වඩා කොයිතරම් ඒව තියෙනවද හිතන්නේ..මගේ චූටි කාලේ ඉදන් හිටිය හීන කුමාරය අද මගෙන් යාලු වෙන්න ඇහුවා..මටනම් අනේ මන්ද හීනයක් වගේ මේක ඒත් ඉමානුයි ටානියි තව මුලු පන්තියටමයිනම් මේක පුදුමයක් නෙවෙයි හැමෝම ඉස්සර ඉදන් දැනන් හිටයා අපි කවදා හරි යාලු වෙයි කියල..

ඒත් awwwww මට කෑ ගහල නටන්න හිතෙනව සතුටට..awwwsh එයා මගෙන් යාලු වෙන්න ඇහුව එයා මගෙන් යාලු වෙන්න ඇහුව එයා මගෙන් යාලු වෙන්න ඇහුවා...=D

                                         එයා ඉන්නේ අපේ එහා ගෙදර..එත් ඒතරම්ම අපි දෙගොල්ලන්ගේ ගෙවල් ලගමත් නෑ..ඇයි කිව්වොත් අපේ ගෙවල් දෙක මැදින් පාරක් තිබ්බ..බස් යන පාරක් නෙවෙයි ටිකක් පොඩි පාරක්...ඒත් මගේ කාමරේ ඉදන් බැලුවම එයාලගේ සාලේ පේනව..ඉතින් හිතා ගන්න පුලුවන්නේ පොඩි කාලේ ඉද්න්ම මම ජීවිතෙන් වැඩිම කාලයක් ගෙව්වේ  කාමරේ ජනේලේ ලග ඉදන්..එයගෙ නම කෙවින් ටිකක් උස සුදු වයසට වඩා පෙනුමක් තිබ්බට හුරතල් ලමයෙක්.. පොඩි කාලේ ඉදන් මම එයා ගැන හීන මැව්වා..ඒත් එයානම් එහෙම නෑ.. පස්සේ පස්සේ තමා මට කැමති වුනේ.. එයා ඉස්සර හිතන් හිටියේ මම කමකට නැති බාබි ඩෝල් කෙනෙක් කියල.. මම මොනා කරන්නද මම එහෙම වුනාට.. මගේ හම ඕනාවට වඩා සුදුයි...ඒත් එක ලස්සනක් නෙවෙයි මම නම් හිතන්නේ මම සුදු මැලියි..රක්ත හීන තාවය වගෙ..මගෙ කොන්ඩේ ටිකක් දිගයි පහලට ඔහේ කඩන් වැටෙන කෙලින් කොන්ඩයක් ඒත් මට හැම වෙලේම ඕනි වුනේ කොට ක්‍රේල් කොන්ඩයක්...,

                       කොහොම උනත් දැන් එයා මගෙන් අහල තියෙන්නේ මට නම් හිතාගන්න බෑ... එයා යලු වෙන්න ඇහුවේ චිට් එකක් එවල..ඒකත් මම ආසම නැති ගනන් පාඩමේදි..

මාත් හිතුවා මත් ලස්සන කොලෙක ලියන්න ඕනි කියල කැමතියි කියලා..මුලිම ගිහින් කාමරේ දොර වහල ආව නැත්තම් ආකිබ් (මගෙ නිවුන් සහෝදරය ) ඇවිත් හොට දායි..ඉට පස්සෙ කෙලින්ම ගිහින් ජනේලේ කර්ට්න් එක දැම්ම..මට නැත්තම් හැම තිස්සෙම හිතෙනව කෙවී මන් දිහා බලන් ඇති කියල ( ඒත් එයා එහෙම බලන් ඉන්නෙත් නෑ )අයියෝ ලියන්න පටන් ගත්ත විතරයි..."අකිෆා අකීෆා........" හැමදාම මොකක් හරි කරන්න යද්දි ඔහොඅමමයි මම මටම කියාගෙන කාමරේ ඉදන්ම කෑ ගහල "ඇයී අම්මා" කියල ඇහුවා... "අකී මට් පොඩ්ඩක් උදව්වටවත් එන්න ලමයෝ මට බෑ මෙ ඔක්කොම තනියම කරන්න" "අයියෝ අම්ම තව චුට්ටක් ඉන්නකො මම එන්නම්"


ඒත් මම ලියල ඉවර වෙද්දි පැය බාගයක්ම ගිහින්..අකීබ් ඇවිත් කන්න කතා කරනකම්ම ලියලිය හිටියේ.. කමක් නෑ පස්සෙ උදව් කරනව අස් කරන්නව්ටහ් අම්මට..ඒත් කෑම ගත්තට පස්සේ අස් කරන එක අදත් වෙනද වගේම අකිබ්ම බාර ගත්ත..

ඉස්සර ඉදන්ම අකීබ් මායි දෙන්නම එකම කාමරේ හිටියේ අම්මට රෑ වෙනකම් එයාගෙ වැඩ කරන්න තිබ්බ හින්ද..අපේ අම්ම ටීචර් කෙනෙක් හැමදාම ඉස්කෝලෙ මහන්සි වෙලා ඇවිත් ගෙදරත් මහන්සි වෙලා රෑට විතරඉ ලියන වැඩ ටික කරගන්න එයාට වෙලාවක් තිබ්බේ..

අකීබුයි මායි ගොඩක් වෙලාවට කරේ පාඩම් කරනව කියල එයා ගේම් එකක් ප්ලේ කරනව මම කතා පොත් කියවනවා...  ඒත් අද ඉස්කෝලේ ස්පොර්ට් මීට් එකේ වැඩ හින්ද දෙන්නටම මහන්සි ඒ හින්ද වෙනදටත් කලින්ම ඇදට ගියා..එයාට තිබ්බේ චූටි සින්ගල් බෙඩ් එකක් මට තිබ්බේ ජනේලේ පැත්තෙ ලොකු බෙඩ් එක මගෙ බෝනික්කො තියගන්නම ඒකත් මදි මට.. මම කවදාවත් කිසි දෙයක් අකීට හන්ගල නෑ..ඉපදුන මොහොතේ ඉදන් අකීයි මායි හොදම යාලුවෝ ඒත් අම්මට කියයිද බයයි මේක ඒත් නොකිය නින්ද යන්නෙත් නෑ...


 "අකී"


"හ්ම්ම්ම්ම්ම්ම්ම්"


"අකී මගෙන් කෙනෙක් යාලු වෙන්න ඇහුවා"

"මොකක්..කව්ද කවදද ඇයි මට මෙච්චර වෙලා නොකිව්වෙ මොඩී..කියනව දැන්වත් ඒ කවුද"


"ඔයා අම්මට කියයි"

"නෑ මොඩී කියනවා දැන්ව්ත් නැත්තම් මම අම්මට කියනව ඔයා රෑට ප්‍රේ කරන්නෙ නැතුව හැමදාම් නිදගන්නව කියල"


                 "අපෝ මොඩයා එහෙනම් මම කියන්නෙම නෑ"

"කියනවකො වද නොදි මැට්ටි එයත් ඉස්ලාම් ද"


                                       "උම්ම් හ්ම්ම්"


                                     "එහෙනම සිංහල?"


                                   "එම්ම් එයා කෙවින්"


                "මොකක්...!!කෙවීන්,මේ එහා ගෙදර කෙවීන්???"


මම් උත්තර නොදි නිදි වගේම හිටිය ඔලුවත් පොරවන් නැත්තම් ආයෙත් මෙයාගෙ ඒවට උත්තර බදින්න එපැයි


                                     "අකීෆා කියනව දැන්වත් ප්ලීස් මට දැනගන්න ඕනි අනේ කොහොමද එයා ඇහුවෙ?අනික කවදද..ඔයාල දැන්ටම යාලුද? අකීiiiiiiiෆා??? "


                                   "අපෝ මැට්ටි නිදිද"

                             "හ්ම්ම්හ් හ්ම්ම්ම් ගුඩ් නයිට්"


                                          එයා හිතුවට මම නිදාගත්තේ නෑ..එම්ම් අද නින්ද යන එකකුත් නෑ...හෙට හෙට හෙට හැමදේම වෙනස් වෙයි..මට හිතගන්නවත් බෑ මගෙ ලිව්ම එයා ගත්තම එයාගෙ මූන කොහොම වෙයිද..අව්ව් එයා කොයිතරම් ලස්සනද එයාගෙ හිනාව කටහඩ වෝව්...ඒත් හෙට අකීබ් මගෙ පස්සෙන් එයිද දන්නේ නෑ දවසම මම කෙවින්ව හම්බෙනවද බලන්න හොරෙන්... අයියෝ කොහොම හරි ඒ මෝඩයව මගෑරල යන්න ඕනි කෙවින්ට ලිව්ම දෙන්න..ටානියවයි ඉමාන්වයිවත් දාන්න ඕනි අකීබ් එන එක නවත්තන්න ....


                             (ඊලග කොටස--> හැමදේම වෙනස් වුන හැටි )

6 comments:

  1. ඔහ් පලවෙනි කොටස දැනුයි කියෙව්වේ , ඒ කියන්නේ මේක මෙගා කතාවක්

    ReplyDelete
    Replies
    1. හීහී නෑ නෑ ඒතරම් දිගට ලියන්න බලාපොරොත්තුවක් නෑ..ඉක්මනින් ඉවර කරන්නයි ඉන්නෙයි...හැම චැප්ටර් එකක්ම හිතපු නැති අවසානයක් තියෙන්න ලියල කතාව ඉක්මනින් ඉවර වෙයි

      Delete
  2. ඔන්න මමත් පළමු කොටස කියෙව්වා... හැම කොටසක් අවසානයේම නොහිතන අවසානයක් ..... ඔබට සාර්ථක විය හැකියි... අනිවා ලියන්න

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ පුලුවන් තරම් කුතුහලය රැකගෙන කතාවේ කොටස් ඉවර කරන්න බලනව..ආවට ස්තුතියි ආයෙ එන්න

      Delete
  3. අඩේ ., බලාල්ලකෝ .. පට්ටයි බං එලම එකක් .. නවල් එකකවත් විඳපු නැති අමුතු රහක් මේක් තියනවා බං .. පට්ට්ට්ට .. (Y) කියවන්න ලැබීම ගැන සන්තෝසයි .. අනික්වත් කියවන්නෝන .. ^_^

    ReplyDelete
    Replies
    1. කියවන්න කියවන්න ඩලෝ ඔන්න අලූත්ම පොස්ටුවක් දැම්ම ඔයා කියවන අතරදිම...ඒකත් කියවන්න ඔව ටික කියවල ඉවර වෙලා ස්තූතියි ආවට මේ පැත්තේ ;)

      Delete