මගේ අම්ම මාව දාල ගිහින් අකීබ් මාව දාල ගිහින්..මේක නපුරු හීනයක්ද දෙවියනේ.මුලු ලොකෙම මගෙ වටේට හයියෙන් කැරකෙනව වගේ දැනුනා..මගෙ කකුල් පන නැති වේගෙන ආව.අනේ මාව වැටෙයි කියල මම හිතද්දිම මැඩම් මාව අත් දෙකෙන්ම අල්ලගත්ත..
"අනේ මැඩම් මෙක නපුරු විහිලුවක් නේද කාගෙ හරි"
මැඩම් මාව කවදාවත් නැතුව තුරුල් කරගත්ත..."අනේ අකීෆා ජිවිතේ හැටි ඔහොම තමයි දුව..දැන් අඩන්නෙපා ඇඩුව කියල මොනව්වත් වෙන්නෙ නෑ දුව"
"මම දන්නේ නෑ මැඩම්"
මේක හීනයක් මෙක හීනයක් මේක හීනයක් මම මටම මුමුනගත්ත..මම මගෙ ඇස් දෙක තද කරල වහගත්ත..එතකොටම ලොකු කදුලු බින්දු දෙකක් කම්බුල දිගේ ගලාගෙන ගියා..
"දුව ඔයාව එක්කන් යන්න මම සුනෙත් අන්කල්ලට එන්න කිව්ව දැන් තව ටිකකින් එයාල එයි එතකන් ඔහොමම ඉදගෙන ඉන්න අකීෆා"
හැමදාම මට් බනින ගහන මැඩම් අද මගෙ අම්ම තරම් කාරුනිකව කතා කරනව... අම්මා...අම්මා... ඒ පුන්චි සිතුවිල්ලත් එක්කම අම්මව මට මැවිල පෙනුනා අනේ මගෙ අම්ම නෑනේ මම කොහොම හිතන්නද ඒක
"මැඩම් මම එයාල එනකම් ගේට් එක ගාවට වෙලා ඉන්නම්"
මැඩම් මොකක්වත් කියන්නත් කලින් මම පුටුවෙන් නැගිටල ග්‍රව්න්ඩ් එක පැත්තට දිව්ව.
කෙවීන් මම එන්කම් තාමත් එතනම හිටියේ..දැන් තප්පර ගානකට කලින් තිබ්බ ලස්සන නෑ..මුලු පරිසරේම මහ මූසල පාටයි කියලයි මට හිතුනේ.
කෙවීන්ට මූන දෙන්න මට හිත හයිය නෑ මට බෑ කාටවත්ම මේ ගැන කියන්න මට තනිවෙන්න ඕනි කෑ ගහල අඩන්න ඕනි
"අකීෆා මම ඔයා එනකම් හිටියේ මොකෝ එ පාර් මැඩම් ගැහුවද අදත්"
එයා වෙනදටත් වඩා ලස්සනට හිනා වෙල ඇහුවේ..ඒත් මට කතා කරගන්න බෑ මාව වෙව්ලනව. මම එයාව මගෑරල අපේ පන්තිය පැත්තට දිව්ව.පන්තියට යන පඩිපෙල පාලුයි ඉස්කෝලෙ ඇරිල හින්ද කවුරුවත්ම නෑ
මට ඕනි වුනේ හැන්ගෙන්න...මුලු ලොකෙන්ම හැන්ගෙන්න..හිටන් ඉන්න තරම්වත් හයියක් තිබ්බේ නෑ මම එහෙමම පඩිපෙලේ ඉදගත්ත...අඩන්න තරම් හේතුවක් හිතුනේ නෑ..මට කිසිම දෙයක් හිතාගන්න බැරුව හිටියේ... කල්පයක් තරම් දිග තප්පර ගානක්..අකීබ්ගෙ මූන....මම එයාට බැන්න විදිය අම්මට උදව් නොකරපු හැටි..හැමදේම මේ දැන් වෙනව වගේ මගෙ ඉස්සරහ මැවිල පෙනුනා
"අනේ අකීබ් මට සමවෙන්න ඔයා ගෙ නන්ගි මම.., අනේ අකීබ් මාව දාල යන්න අයිතියක් නෑ ඔයාට අනික මේවගේ පොඩි දේකට මාව දාල යන්න තරම් බබෙක්ද ඔයා"
අකීබ් මගේ ඉස්සරහ කියල හිතෙන් මවන් මම හිමින් කිව්ව
මම අත් දෙකෙන් ඇස් දෙක තද කරල වහගත්ත ...ඇති තරම් කෑ ගහල ඇඩුවා..
අනේ අම්මි ඔයයි අකීබුයි ඇර මට කව්ද ඉන්නේ මට කවුද ඉන්නෙ අම්මි
මම කෑ ගැහුව කාට ඇහුනත් කමක් නෑ කියල මම මගෙ අත් දෙකෙන් මාවම තුරුල් කරන් කෑ ගැහුවා ඒත් අම්මිටවත් අකීබ්ටවත් ඇහුනේ නෑ... අකීබ් ඇවිත් මට කතා කරනවනම් ...දැන් අම්මි ඇවිත් මම එනෙකම් ගේට් එක ගාව ඉන්නවනම්..ශිට් ආයේ කවදාවත් එහෙම වෙන්නේ නෑ කවදාවත්ම අම්මි එන්නේ නෑ අකීබ් මට කතා කරන්නෙ නෑ
මම මොනාද කරන්නෙ කොහිද ඉන්නෙ හැමදාම සුනෙත් අන්කල්ලගෙ දිහා ඉන්න බෑ..සුනෙත් අන්කල්ල හිටියෙ අපිට ගෙව්ල දෙකක් එහායින් අපේ හැමදේකටම හිටියේ එයා අපිට කියල නෑයෙක්වත් නෑ..
"අකීෆා අනේ අඩන්නෙපා ඔහොම "
කෙවින් මම හිටිය තැනට ඇවිත් දැන් කොච්චර වෙලාද දන්නෙ නෑ..එයා කතා කරනකම් මම එයා හිටිය බව දන්නේ නෑ
![]() |
Add caption |
"අනේ කෙවීන් එයාල මාව දාල ගිහින් කෙවීන් ඇයි කෙවීන් මාව අරන් නොගියේ එයාල"
කෙවීන් මොකුත්ම නොකිය මාව තුරුල් කරගත්ත.තුරුල් කරන් මගෙ කොන්ඩෙ ඇතුලෙන් එයාගෙ අත දාල මගෙ ඔලුව
බ්ලොග් ලෝකයට පිවිසීම ගැනමගෙන් සුබපැතුම්. අපේ බ්ලොග් දර්ශකයට බ්ලොග් එක එකතු කරන්න. මෙන්න ලින්ක් එක.
ReplyDeleteගොඩක් ස්තූතියි ඇරයුමට වගේම මේ පැත්තේ ආවටත්
Deleteදවස ගානෙ පෝස්ට් දාන එක නම් වේගෙ වැඩියි නේද? ටිකක් කල් දීලා දාන්න.
ReplyDeleteවෙලාව තියෙනවා නම් සේව් කරලා තියා ගන්න.
අදහස හොදයි අයියේ එහෙනම් මම සේව් කරල තියාගෙන හිමින් දාන්නම් පෝස්ට් tika
Deleteඅනේ දවස ගානෙ ලියන්න පුලුවන්නම් ලියන්න අකීෆා. මේ කතාවට මන් වහ වැටිලා ඉන්නෙ. මේක පුදුම තරම් ලස්සනයි නංගියා.
Deleteඅව්ව් තැන්කූ ඩලෝ මම දැන් දැක්කේ කමෙන්ට් එක ඔයාගේ...මම පුලුවන් පුලුවන් වෙලාවට ලියන්නම් තව පැය 2කකින් මට එක්සෑම් හීහී
Deleteලස්සනයි...අකිෆා...... කතාව.... මේක ඔයාගේ සත්‍ය කතාවක්ද......? ඔයාට දුර ගමනක් යන්න පුළුවන්..... අඩු පාඩු ඇත්නම් ඒ තුල ඉබේම හැදේවි...... සුභ පැතුම්.....
ReplyDeleteඇත්ත කතාවක් නෙවෙයි අක්කි...ඒත් ඇත්ත අත්දකීම් ගොඩකට අහපු දැකපු ඒව ගලපල ලිව්ව කතාවක්..ගොඩක් ස්තුත්යි මේ පැත්තේ ආවට..ඉදිරියටත් ඒවි කියල බලාපොරොත්තු වෙනව
Deleteකොටස් දෙකක්ම කියෙව්වා. ඇත්ත කතාවක් නෙමෙයි නේද? ටිකක් දුක හිතෙන කතාවක්. හැබැයි ලස්සනයි.
ReplyDeleteගොඩක් ස්තූතියි ...අන්තිම වෙනකම් කියවන්න ඉක්මනටම ඉවර කරන්නයි ඉන්නේ...
Deleteඅදනම් කතාව කියවද්දී ටිකක් දුකක් ආවා පොඩි සිද්දියක් මතක් වෙලා..
ReplyDeleteමොකක්ද ඒ කතාව අයියේ කියන්නකො අපිටත් දැනගන්නත් එක්ක දුක එකක්ද
Deleteඉක්මනට ලියන්න අනේ අකීෆා....
ReplyDeleteහද සසල කරන කතාවක් අකීෆා. ඔබ සාර්තකයි.
ReplyDeleteලිවිල්ල ගැන හරි වැරදි කියන්න මම ලියන කෙනෙක් නම් නෙමෙයි. ඒ වුනාට හිතට වදින්න ලියලා තියෙනව කියල නම් කිව්ව හැකියි.
ReplyDeleteහැමදාම එන්නම්, අපිට ටිකක් අලුත් සමාජයක තතු කියවන්න.
තව දෙයක්, ඔබගේ විභාග පාඩු කරගෙන නම් බ්ලොග් ලියන්න එන්න එපා. විභාග ඉවරවෙලා ලියන්න.
විභාගේ ඉවරවෙලා ලියන්න පටන්ගන්න. මුල් කොටස් කියෙව්වා.
ReplyDeleteකතාව ලියලා තියෙන ආකාරයට ඇත්තටම හැඬුම් එනවා සාර්ථකයි , දිගටම ලියන්න ...
ReplyDeleteසංවේදී විදියට ලියල තියනවා.. ලස්සන කථාව.. ඉතිරිය විභාගෙන් පස්සෙ දාන්න..
ReplyDeleteවිභාගේ හොදට ලියන්න....
ජ ය වේවා!!!