Friday, June 20, 2014

....සුදු පාට...

     http://www.shannonside.ie/wp-content/uploads/2013/12/Rain-on-window.jpg                                           තද හුලගක්... මොකක්දෝ ගහක අතු සර සර ගාල ජනේලෙ වදිනව හරියට ජනෙල් වීදුරු පතුරු යනව වගෙ... කොච්චර ශීට් පෙරෙව්වත් මුලු ඇගම හිරි වැටිල යන මූසල සීතලක්... අප්‍රේල් මාසේ කවදාවත් මේ තරම් තදින් වැහල නෑ..ඒ මදිවට හුලග..කුනාටුවක් වගේ.. මම තව ටිකක් ශීට් එකට ගුලි වුනා... අද සෙනසුරාද ඒ හින්ද වුදේම නැගිටින්නත් කිසිම ඕනකමක් හිතුන් නෑ මට..අද මගේ නිවාඩු දවසනේ,,....,

              "අයියෝ ඇයි දෙයියනේ එලාර්ම් එක වැදුන් නැත්තේ..අද අකීබ් ට මියුසික් ක්ලාස්.." 
          

 

            දැන් කීයද දන්නේ නෑ වෙලාව මම අමාරුවෙන් ඇස් දෙක අතින් පොඩි කරන ගමන් ඇස් ඇරල මෙසේ දිහා බැලුවේ නිල් පාට එලාර්ම් ඔරලෝසුව දකින්න ලැබෙයි හිතන්.. ඒත් ඒක නෑ මෙසේ නෑ අකීබ්ගෙ ඇද නෑ.. අනික කොහෙත්ම මේ කාමරෙ ලා දම් පාටත් නෙවෙයි..

                  හුලගත් එක්ක ඉක්මනට අහසේ ඉදන් පොලවට කඩන් වැටෙන වැහි බින්දු වගේ ඊයේ වෙච්ච නපුරු දේවල් මගෙ හිතේ ඇදිල ගියා..

  මම ඉන්නේ ගෙදර නෙවෙයි.., මේ මානෙල් ආන්ටිලගේ ගෙදර..අනික තව දුරටත් මගේ අම්මයි අකීබුයි නෑ.

         මටත් නොදැනිම ලොකූ සුසුමක් පිට වුනා

"මම අඩන්න හොද නෑ ඇඩුවට මොකවත්ම වෙනස් වෙන්නේ නෑ...වුන දේ වුනා අකී ඉස්සරහ ගැන හිතන්න දැන්වත්"
මගේ හිතට මම තදින් කිව්ව

ඒත් ආයේමත් ඇස් වල කදුලු පිරුන ඒ ගමන්ම මම මගේ ඇගිලි වලින් කදුලු පිහිදගත්ත මේ කදුලු වැටෙන්න හොද නෑ..මම අඩන්න හොද නෙ

"ඒත් මම කොහොම අඩන්නෙ නැතුව ඉන්නද"

ආයේමත් මගේ හිතෙන් මටම ප්‍රශ්නයක් ..


ගොඩක් දේවල් ඔහොම හිත හිත ඉද්දි මානෙල් ආන්ටි ආව..එයාගේ අතේ සුදු පාට ගවුමකුයි මට තේකකුයි එයා අමාරුවෙන් ඒ දෙකම අල්ලන් හිටියෙ...

මම ඉක්මනින් ඇදෙන් බැහල ගිහින් තේක අතට ගත්ත

"ගුඩ් මෝර්නින්ග් අකී දුව"

"ගුඩ් මෝර්නින්ග්..!අනේ ආන්ටිලටත් මම හින්ද කරදරේනේ"
     මම එහෙම කිව්වෙ මූනට පුන්චි හිනාවක් ගන්න උත්සහ කරන ගමන්... එයේ රෑ අඩල අඩල ඉදිමිච්ච ඇස් එක්ක ඒ චූටි හිනාව මගේ මූන කැත කරන්න ඇති කියල මට ටිකකින් හිතුනා
 

මම හිමින් තේක මගේ මූන ලගට ලන් කර ගත්තේ තේ බොනවටත් වඩා තේකෙන් ආව හීන් රස්නෙන් ටිකක් හරි උනුහුමක් මට ලැබෙයි හිතාගෙන.. අත නිල් පාටට හුරු වෙන්නම සීතල වෙලා මාව..


"අපෝ එහෙම හිතන්න්වත් එපා දුව මාත් මේ ගෙදර කොච්චර පාලුවෙන්ද ඉන්නේ"

ආන්ටි මම තේක බීල ඉවර වෙනකම් ඉදල මගේ අත උඩින් අර ගෙනාව සුදු පාට ගවුම දුන්න...දුව මම හිතන්නේ ඔයා මේක ඇදගත්තොත් හොදයි..

"ඒත් ඇයි ආන්ටි?"

දුව සාමන්යෙන් අපිනම් මෙහෙම අවස්තාවක්ලට සුදු අදින්නේ දුවලනම් මම දන්නේ නෑ අදින ඇදුම් ගැන එහෙම ඒත් කෝකටත් කියල මම මේක ගෙනාව සුදු එකක් ඇන්දොත් හොදයි නේද දූ අනික මේකට එන්නෙයි මම හිතන්නේ ගොඩක් සින්හල අය .."

"හ්ම්ම්ම්ම්ම්"

"මම කැමති නෑ ආන්ටි ඕව හිතන්න"

"දුව එහෙනම් මූන හොදන් ඇදුම් මාරු කරන් පහලට එන්නකො හාද මම අද පූරි හැදුව දුව කන්න ආසම කෑමක්නේ මටත් දූලගේ අම්ම කියල දුන්නේ"

ආන්ටිගේ මූන එක පාරට්ම අදුරු වුනා ආන්ටි හිතල නෙවෙයි මගෙ අම්මව මතක් කරේ ආන්ටිට තේරුන මෙතනදි තහනම් වචනයක් වෙලා කියල ඒක ආන්ටිට ඕනි උන් නෑ මට ඒව මතක් කරන්නවත්

"දුව මොකක් වුනත් ඔයා සුදු එකක් අදිනවනම් මම කැමතියි අන්න අන්කලුයි මායි රෑම ගිහින් ඔයගේ ඇදුම් වගයක් අරන් ආවා...ඔය ඇද ගාව කලු බෑග් එකේ ඇති ඒව "

ආන්ටි දොර ගාවට ගිහිනුත් ආයේ මගේ දිහා හැරිලා හෙම කියලයි යන්න ගියේ

මට ඕනි වුනේ මේ ගැන නොහිත ඉන්න මේ වුන හැම දෙයක්ම ගැනම ඒ හින්ද මම් ඇග හිරි වැටෙන සීතලේම ගිහින් සීතල ව්තුරෙන් නෑව...මම දන්නව ආන්ටිට තරහ යයි මම මේ සීටලේ නෑවට ඒත් මේ වගේ තද ඇගම නිල් පාට වෙන සීතල දෙයක් ගැන නොහිත ඉන්න ගොඩක් උදව්වක් කියල මට හිතුනා


මම සීතලේම ගැහි ගැහි කාමරේට ආව.


ඇද උඩ  ආන්ටි ගෙනාව සුදු ගවුම තිබුනා


හ්ම්ම්ම් සුදු පාට... ඇත්තටම මම ආසම පාටක් නෙවෙයි මම අසම කලු පාටට හේතුවක් දන්නේ නෑ..ඒත් කලු පාට ඇතුලේ මට ගොඩක් දේව්ල් තියෙනව හිතුනා..මම ආසයි ඒ හැගීමට..ඒත් සුදු මට හිතුනේ හිස් ගතියක් ඒත් හැමෝම කියන්නේ කලු කියන්නේ හිස් කම කියල...


සුදු මගේ ආසම් නැති පාටක් වුනාට..මගේ සමහර ලස්සන හීන වල සුදු පාට ප්‍රදාන පාටක් වුනා.. මගෙයි කෙවීන්ගෙයි වෙඩින් එක..සුදු පාට අත්දිග ලේස් ගව්මක් ඇදන් සුදු පාට සලුවකින් ඔලුව වහන්..රිදී පාට මාල කරාබු දාන් සුදු මල් තියෙන තැනක මම කෙවීන්ගෙ පුන්චි මනාලිය වෙන එක..


සුදු මම අකමති වුනත් කැමති වුනත් එක සතුටු හිතෙන පාටක් ඒක සුදුසු නෑ මෙහෙම ඒවට කියලයි මට හිතුනේ ඒත් ආන්ටිගේ හිත රිද්දන්න බෑ මම ඒ රේන්ද අල්ලපු පුන්චි රෝස පොහොට්ටුවක් ඉන ගාව මහපු ගව්ම අරන් ඇදගත්ත.. හ්ම්ම් සුදු පාටට මම ගොඩක් කැතයි පාන්ඩු පාටයි...අනික කවදාවත් උනිෆෝම් එක ඇරෙන්න මම ගවුම් ඇදල නෑ..මට හුරු නිල් පාට ඩෙනිමයි බැගි ටි එකක් හැරි ශර්ට් එකක් හරියි මායි අකීබුයි එකම වගේ ශර්ට් ඇන්දා..පිරිමි ලමයින්ගේ ඒව වුනාට ඒව පහසුයි..


ආන්ටි කිව්වෙ ගවුම බැරි නම් ඕනි සුදු එකක්නේ ආඅයෙම මම ඇදේ විට්ටමේ දාල තිබුනු මගේ තද නිල් ඩෙනිම ඇන්දා කලු බෑග් එක බිමට හැලුව.. සුදු පාට ඇදුමකට තිබ්බේ එකම එක ශර්ට් එකක් විතරයි ඒකත් මට තදයි ඒ හින්ද මම කලු ටි ශර්ට් එකක් ඇන්ද ඒකට උඩින් ශර්ට් එක බට්න්ස් ඇරන් උඩින් දාගෙන ඉක්මන්ට පහලට දිව්වේ ආන්ටි මාව හොයන් කාමරේට එන්න කලින්

"අකීෆා..!ඔයා මේ සීතලේ නෑවද ඉක්මනට ඇවිත් ඉදගන්න මේ කෑම එක සීතල වෙන්න කලින්"


සුනෙත් අන්කල් කිව්වේ ටිකක් සැරෙන්.මම මේ සීතලේ නෑවට එයා අකමතියි වගේ


මම හිමින් පුටුව එහාට කරල ඉදගත්ත..ඒත් කෑම කන්න හිතක් නෑ...අකීබ් කාල ඇතිද අම්මා කාල ඇතිද..එයාල කොහේ ඇද්ද..


"දුව හිත හිත ඉන්නේ නැතුව කන්න ලමයෝ හිතුව කියල මොකුත් වෙනස් වෙන්නේ නෑනේ"


මම මොකුත්ම නොකිය මෙච්චර වෙල අන අන හිටිය බත් කට  කෑව...හැම කටක්ම උගුරෙන් පහලට ගියේ අමාරුවෙන්


මානෙල් ආන්ටිලත් සුදු පාට ඇදන් හිටියේ..හ්ම්ම්ම් මම දන්නව ඒ ඇයි කියල..අද හ්ම්ම්ම් අද අපේ ගෙදර යනව

සුනෙත් අන්කල් ඉක්මනින්ම කාල ඉවර වෙලා යන්න නැගිට්ට


"සුනෙත් ඔයා ඒ පාර කොහේ යන්නද"

මානෙල් ආන්ටිගෙන් ප්‍රශ්නයක්


"මමවත් ගිහින් බලන්න ඕනි එහේ වැඩ කොහොම වෙනවද දන්නේ නෑනේ කවුරු හරි කරගහල කරේ නැත්තම් මිනිස්සු හර්යට කරන්නේ නෑ"


එහෙම කියල සුනෙත් අන්කල් ඉක්මනින්ම ගියා


වෙලාව 10යි.....

 සුනෙත් අන්කල් තාමත් අපිව ගන්න ආවේ නෑ..

මානෙල් ආන්ටි හිමින් මට ලන් උනා "දුව අන්කල් කියට එයිද දන්නේ නෑ අපි පයින්වත් යන්ද පොඩි දුරයිනේ දුවලගේ ගෙදරට මගෙ දූට පුලුවන්ද පයින් යන්න"


මට පුලුවන්ද මට? හැමදාම අකීබ් එක්ක මේ පාරේ කොච්චරනම් දුවල ඇතිද මම..


"නෑ ආන්ටි මට ප්‍රශ්නයක් නෑ යන් අපි එහෙනම්"


ආන්ටියි මායි මල්ලියි හිමින් අපේ ගේ දිහාවට යන්න පටන් ගත්ත..ඒත් ටිකක් දුර ගියාම මට එයාල දෙන්න ඉන්නවදත් අමතක වුනා... හැමදාම යන පුරුදු පාර පුරුදු සුවද ඒත් ඒ හැමදේම මාව එලවල ඒවයින්..මම පිට එකෙක් වෙලා මගේම අය නැති මගේ ගෙදරට මම පිට කෙනෙක් වගේ යනව..ඒ හැගීම හිතට ගොඩක් ආගුන්තුකයි හරියට  මගේම ගෙදරට මාව ආගුන්තුකයි වගේම...


ගෙදරට යන වන්ගුව හැරුනා පාර දිගටම සුදු කොඩි වැල් දාල ඒ ඉටි කොඩි වැල් හෙල්ලෙනකොට එන මූසල සිලි සිලි හඩ මහ වැස්සේයි හුලගෙයි හඩටවත් ඇහෙන් නැතුව ගියේ නෑ..

මම ඉහලන් හිටිය ලොකු කලු කොඩෙට සට සට ගාල ඇහිබින්දු කඩන් වැටුන..ඒත් හුලගත් එක්ක එන වැහි බින්දු නවත්තන්න කුඩෙන් බැරි වුන හින්ද මාව ටිකක් තෙමුනා ඒත් මේ සීතල මට සහනයක් සැනසීමක් වගෙයි අද කවදාවත් නැතුව දැනෙන්නේ


ඈතින් මලනික සුදු පාටට අපේ ගෙදර පේන්න ගත්ත..මගේ කකුල් මටම පාලනය කරන්න බෑ වගේ..ඉස්සරහට යන්න මට ඕනි කමක් නෑ..මට ගෙදර යන්න ඕනි කමක් නෑ..මම මානෙල් ආන්ටි දිහා බැලුවා..එයා ඒ බැල්ම අදුරගත්ත


"දුව මිනිස්සු කියන කතා අපිට වැඩක් නෑ මගේ දූට යන්නම බෑම හිතෙනවනම් කමක් නෑ අපි අපේ ගෙදරට වෙලා ඉමු"


"නෑ ආන්ටි මට බලන්න ඕනි"


ආන්ටි මොකුත් කිව්වේ නෑ..මම මොකක් බලන්න ඕනි කිව්වද කියල මට තේරුන් නෑ එක පාරටම ඒත් පස්සෙ මගේ හිතෙන් ඒ ප්‍රශ්නෙට උත්තරයක් දුන්න...ඔව් මට මගේ අම්මවයි අකීබ්වයි බලන්න ඕනි අන්තිම වතාවට එකම එක පාරක්වත්..ගේ ලන් වෙන්න ලන් වෙන්න මොකක්දෝ අමුතු හැගීමකින් මගේ හිත සීතල වුනා..මටම ඇහෙන තරම් හයියෙන් මගේ පපුව ගැහෙන්න ගත්ත...



මේ Chapter එකේම තව කෑල්ලක් තියෙනව දැන් ලියන්න කම්මලියි වගේ ඒක ඒ හින්ද අද රෑට  දාන්නම්..අද ගොඩක් කලබලයි..ප්‍රශ්න ගොඩක ඉදන් ලිව්වේ... ඒ හින්දයි වෙනදට වඩා මේ කොටස  කැතට දිගට ලියවුනේ දැන් මේ බ්ලොග් එක පටන් අරන් හරියටම දවස් 12ක් වෙනවා..මේ මුලු කාලෙම මාත් එක්කම හිටියට මේ කතාව කියවන හැමෝටම ගොඩක්ම ගොඩක් ස්තූතියි..ඔයාල මගේ කතාව කියවන එක වගේම කමෙන්ට් කරන එක මට ලොකු හයියක්

Tuesday, June 17, 2014

...ඈතට...

            "එකයි දෙකයි තුනයි හතරයි පහයි හතලිස් තුනයි හතලිස් හතයි......."


https://fbcdn-sphotos-h-a.akamaihd.net/hphotos-ak-xpa1/v/t34.0-12/10485111_784339111596932_7179294835992993503_n.jpg?oh=c5991f23d6df498d57dc0f6af13201ce&oe=53A211B7&__gda__=1403122785_b40f5d56c115b5368da6fd4c2de85874

                 පුන්චි කලු පාට අත් දිග ගවුමක් ඇදගත්ත ගෑනු ලමයෙක් බිත්තියක් පැත්තට හැරිල ගනිනව...ඇස් දෙකම අතින් වහගෙන..එයා හරියට මම වගේ ඔව් ඒ මම හරියටම පොඩි කාලේ ෆොටෝස් වල හිටියේ ඒ වගේ මම...ඔව් මට මතකයි ඒ මම


                               "අකීෆා මෝඩි හරියට ගනන් කරනව මම අහන් ඉන්නේ"


         ඈතක ඉදන් ඒ හඩ ඇහුනත් මට ඉක්මනින්ම අදුරගන්න පුලුවන් වුනා.. ඒ අකීබ්.. අක්"අකීබ් ..." මම කෑ ගැහුව ඒත් එයාට ඇහුන් නෑ.


                             "මම ගනන් කරල ඉවරෝ ඔන්න මම එනවා"


පුන්චි කලු ගව්මක් ඇදන් ඉන්න ගෑනු ලමය හිමින් හිමින් යන්න ගියා මාවත් එයාගෙ පස්සෙන් ඉබේටම ඇදිලා ගියාවට පිටාව බොදයි හරියට හීන් මීදුමක් තියෙනව වගේ...


පුන්චි ගෑනු ලමය හැමතැනම බලනව ඇද යට ජනෙල් රෙදි ඇතුලේ ඒත් එයාව දකින්නවත් නෑ...


ඒත් එක පාරට මගෙ පිටි පස්සෙන් සද්දයක් ඇහුන සාලේ තියෙන ලොකු ජනෙලේ තිර් රෙද්ද පිටි පස්සෙ වගේ..මම එතනට දුවල ගිහින් තිර රෙද්ද එහාට කරල බැලුවා..නෑ එයා නෑ...


   පුන්චි ගෑනු ලමයත් හැමතැනම හොයනවා.. හිමින් හිමින් එයාව් මැකිල යනව වගේ මීදුම එයාගේ වටේට ගන වෙනවා..මම ඇස් දෙක් තදින් පියාගෙන ආයෙම හැරිලා බැලුව.,එයා නෑ...


මම ගේ හැමතනම දිව්ව කිසිම අර්මුනක් නැතුව "අකීබ් අකීබ්..."


කොච්චර කතා කරත් අකීබ් හැන්ගුන තැනින් එලියට ආවෙ නෑ..


          ඒත් වෙලවකට මගේ වටේ කුස්සිය හරියේ සාලේ මුල් ගේ පුරාම පොඩි පිරිමි ලමයෙක් හිනා වෙන හඩ ඇහුන ඔව් ඒ අකීබ්ගෙ හඩ මට හොදටම මතකයි...ඒත් මීට අවුරුදු ගානකට කලින් ඒ අපි ගොඩක් පොඩි කාලේ


එක පාරටම අකීබ් මාව පහු කරන් දිව්ව කියන්න බැරි වෙගෙකින් මාව පහු කරේ..ඒත් දැන් කාලෙ අකීබ් නෙවෙයි පුන්චි පිරිමි ලමයෙක්..


http://i.ytimg.com/vi/ZFmKgHP6weQ/0.jpg

තද රතු පුන්චි කලිසමකුඉ අලුයි සුදුයි ජර්සි එකකුයි පුන්චි  නිල්  තොප්පියකුයි දාන් හිටිය පුන්චි ලමයෙක්..අකීබ් පොඩි කාලේ ආසම ඇදුම.. ඒ සුවද හැමදේම පුරුදුයි.. "අකීබ් ..."


                මමත් කෑ ගහන් අකීබ් පස්සෙන් දිව්ව මොකක්ද නොදන්න හේතුවකට හයියෙන් හිනා වෙන ගමන්..අකීබ් දුවල ගියේ කුස්සියට පැත්තට...ගිහින් කවුදු ගෑනු කෙනෙක්ගෙ  ගව්මේ කොනකින් අල්ලගෙන එයාට මුවා වුනා.. කෙලින් පිට මැදට වැටෙන සිල්ක් නූල් ගොඩක් වගේ තනි කලු කොන්ඩයක්.කෙට්ටු ලස්සන ගෑනු කෙනෙක්..ඉර එලිය වගේ කහ පාට ගව්මේ පුන්චි රෝස පාට මල් වැටිලා... ජනෙලෙන් ආව කහම කහ ඉර එලියට එයාගෙ කොන්ඩේ තැන තැන දුබුරු පාටට දිලිසුනා..හරියට සුරන්ගනාවියෙක් වගේ ..මගේ හිතට එක පාරටම දැනුන දේ මේක හීනයක්ද??


              ඒ සුරන්ගනාවි හිමින් මගේ පැත්ත හැරුනා සුදුම සුදු මූන රතු වෙලා එක අතකින් ජනේලෙන් එන කහ ඉර එලිය මුවා කරන්න හදන ගමන් මන් දිහා බැලුවේ තරවටු කරන තාලෙකින්..


                               ''අකීෆා මොකද මේ ගේ වටේ දුවන්නේ"


තප්පරයයි ගියේ මට ඒ කටහඩ අදුරගන්න "අම්මා.."


මම එහෙම මිමිනුවේ එයාට ඇහෙන්නම නෙවෙයි මගේ හිතටම කියාගන්න තරම් හෙමින්


                            "මගෙ සුදු අකී පැන්චි මූන ඇබුල් කරන් ඇයි"


           එයා හිනා වුනා ගොඩාක් ලස්සනට ගොඩක්ම ගොඩක් හරියට සුරන්ගනාවියක් වගේ ඒත් ඒ හඩ හිමින් හිමින් මැකිලා ගියා මාව ඈතට ඇදිල යනව වගේ දැනුනා... "අනේ අම්මා මාව අල්ලගන්න"


               මම අම්මගෙ දිහාට අත දිග් කරා ඒත් එයා අත් දෙකෙන්ම අකීබ්ව තුරුල් කරන්


        මාව ඇහුන් නෑ වගෙ දිගටම හිනා වුනා ඒත් එක්කම එයා කුස්සියේ දොර පැත්ත බැලුවා..පුන්චි කලු ගව්මක් ඇදන් හිටිය ගෑනු ලමය දුවල ඇවිත් එයාට තුරුල් වුනා... අකීබ් එයාගෙ දිග කොන්ඩ කරලින් ඇද්දා.. කෑ ගගහ අකීබ්ව පන්න පන්න එයා අම්මගේ වටේට දිව්ව.ලාලා ලාලා ලාලා...අකීබ් මාව තරහ ගැස්සුවම හැමවෙලේම කියන දේ...ඒ තාලේ මට හොදටම හුරුයි..වෙලාවකට හයියේන් වෙලාවකට හිමින් හිනා හඩ..., අකීබ්ගෙ තාලේ.., ඇහුන මම අත් දෙකෙන්ම ඔලුව තද කරල අල්ලගෙන ඇස් පියාගත්ත.."ලාලා ලාලා.." ඒ හඩ දාරාගන්නත් බැර් තරම් හයියෙන් මගේ වටේට කැරකුනා වෙලාවකට මී මැස්සෝ පියාබන හඩ තරම්  හීනි හඩක් විදියට.තව වෙලාවකට අහස ගොරවන තරම් හයියෙන්.මම ඇස් දෙක තවත් තදින් පියාගත්ත.......හිනා හඩ හිමින් හිමින් අඩු වුනා...කලුවර මීදුම හිමින් මාව වෙලා ගත්තා...

Sunday, June 15, 2014

හැමෝම මැරිලා ඒත් මම....

                                                           ලොකු සයිප්‍රස් ගස් දෙක පහු වුනා...ඒවයේ කොල වලින් එන ලස්සන සුවද හීනයක් වගේ දුරක ඉදන් මට  දැනුනා..ඔව් මේ ගස් දෙක පහු වුනම අපේ ගෙදර...කොච්චරකල් ඉස්කෝලෙ ඇරිල මායි ආකිබුයි මේ පාරෙ කොච්චර රන්ඩු වෙවී හිනා වෙවී කෑ ගහ ගහ ගෙදර යන්න ඇත්ද..

 ඒත් ඒ හැමදේම අතීතයක් විතරයි..ඊලගට අපේ ගෙදර පෙනෙයි මේ ලොකු වන්ගුව හැරුනට පස්සෙ...අම්ම මන් එනකම් බලන් ඉන්නවනම්..ඒත් එයා නෑ.කවදාවත් එයා අයේත් නෑ..ලා පාන්ඩු සුදු පාට ගාපු අපේ ගෙදර වෙනදට වඩා මූසල විදියට ගොඩක් පාලුවෙන් නොසෙල්වී බලන් හිටිය..හරියට අම්මයි ආකිබුයි මායි එනකම් වගේ..එයා දන්නැතුවැති.කවදාවත් එන්නේ නෑ කියල අම්මයි ආකිබුයි.මේ පාන්ඩු සුදු පාට හැමදාම අලුතෙන් තීන්ත ගාද්දි අම්ම තෝරගත්ත..එයා හිතුවේ ලා පටක් ගෑවම ගෙදර ලොකුවට පෙනෙයි කියල.මම හැමදාම වෙන පාටක් ගාන්න රන්ඩු වුනාම එයා ක්ව්වෙ

"මම නැති දවසක කැමති ඕනිම පාටක් ගාන්න පුලුව්න්නේ"කියල ඒ වෙලාවට අම්මේ ප්ලීස් මූසල කතා එපා කිව්වම එයා හයියෙන් හිනා වෙලා 

"මගේ පුන්චි අකීව දාල මම යන්නේ නෑ ලමයෝ" 

කිව්ව ..ඒත් අද ඔයා ගිහින් අම්මේ..මාව සදහටම තනිකරල ඔයා ගිහින්.


                               වාහනේ අපේ ගෙදර පහු කරන් හිමින් ඇදිල යද්දි මගෙ ඇස් වලින් සට සට ගාල කදුලු කැට වැටුනා...මම

   ජනේලෙ එලිය බලන් හිටියට මානෙල් ආන්ටිට තේරුන ඉවෙන් වගේ මම අඩන බව...සමහර විට ඒ මම අපේ ගෙදර දිහ බලන් හිටි හින්දද දන්නේ නෑ..වචනයක්වත් නොකියම මානෙල් ආන්ටි මගේ ඔලුව අත ගාන්න ගත්ත.ඒත් ඔහේ වැටෙන කදුලු නතරකරගන්න මගෙ හිත දුන්නේ නෑ..


                "දුව අපි පස්සේ ගෙදරට ගිහින් ඔයාගෙ ඇදුම් ටික අරන් එමු"සුනෙත් අන්කල් කිව්ව


                       මම මොකුත්ම කිව්වෙ නෑ..මොකක් කියන්නද කියල හිතා ගන්න බෑ..මට ආයෙ යන්න ඕනි නෑ ඒ ගෙදරට..ඒ මගෙ ගෙදර වෙන්නෙ කොහොමද...මගෙ අම්මවත් අකීබ්වත් නැති ගෙයක් මගෙ තැනක් වෙන්නේ කොහොමද..


                          කාර් එක සුනෙත් අන්කල්ලගෙ ලොකු ගේට් එකෙන් ඇතුල් වුනා..සුනෙත් අන්කල්ලගේ පුතා අපි දිහාට දුවන් ආව..එයාට තවම අවුරුදු 5ක්වත් නැ


              ..මට ගොඩක් ආදරෙයි එයාගෙම අක්කි කියල හිතන් ඉන්නේ.

ආව ගමන් වෙනද වගේම මගෙ අතේ එල්ලුන "අක්කි ආව .අක්කි ආව ආයෙනම් යන්න දෙන්නේ නෑ ගෙදර"


                                        එයා හැමදාම එහෙම කිව්වට අද එයා එහෙම කියද්දි මුලු හිතම මහ කලු වලාකුලකින් වැහිල ගියා... මම කොහේ යන්නද කා ලගට යන්නද.. මානෙල් ආන්ටිට තේරුන මගෙ හිතේ තියෙන දේ

                            "දූ දැන් යන්කෝ ඇතුලට ඇදුම් මාරු කරන්න ..දුව මෙහේ කලින් එද්දි දාල ගිය ඇදුම් වගය්ක් තියල අන්න මම ඇද උඩ තිබ්බ ගිහින් වොශ් එකක් දාල ඇදුම් මාරු කරල එන්නකො"


          කියල ආන්ටි මගේ අතින් ඇදන් ව්ගේ ගේ ඇතුලට ගිහින් මාව පඩිපෙල හරියෙ තියල කුස්සිය පැත්තට ගිය..

         මෙහේ ආවම මම වෙනද ඉන්න කාමරේ තිබුනේ උඩ තට්ටුවේ මල්ලිගේ කාමරේට ඉස්සරහම කාමරේ..

ආන්ටි හැසිරෙන විදියට මට ලොකු සහනයක් දැනුනා මොකුත්ම නොවුනු විදියට වගේම මගෙ පස්සෙන් පැන්නුවෙත් නෑ..මට හිතන්න අඩන්න ඕනි තරම් වෙලාවක් එයා ඉතුරු කරා..


http://24.media.tumblr.com/tumblr_lxff6cnteC1r0lzy8o1_500.jpg

දවස කොහොම ගෙවුනද මට තේරෙන්නේ නෑ...

අකීබ් අම්ම හැමවෙලේම හිත ඇදි ඇදි මැකි මැකි ගියා..වෙලාවකට මම කෑ ගගහ ඇඩුව..වෙලාවකට ඔහේ කල්පනා කෙරුව...තවත් වෙලාවකට හැමදේම අමතක වුනා..අද වුන නපුරු දේ අමතක වුනා හීනයක් විතරයි හිතුනා..ඒ වෙලාවට විතරයි ටිකක් හරි හිතට සැනසීමක් දැනුනේ


මම හිටිය මනෝ ලෝකේ කඩන් වැටුනේ  මල්ලි ඇවිත් දොරට  තට්ටු කරද්දියි එයා පොඩි ලමයෙක් වුනත් ගොඩක් හොද පුරුදු තිබුනා දොරට තට්ටු කරනෙක වගේ..


"එන්න බබා අක්කි වැඩක නෙවෙයි"


මල්ලි මම කිව්ව විතරයි දුවගෙන ආව..ඇවිත් මගේ ලගින් ඉදගත්තේ මගෙ ඇගට හේත්තු වෙලාමයි.."අක්කි ඇයි අඩල"
මල්ලි එහෙම කියද්දි මම පිටි අල්ලෙන් කදුලු පිහිදගත්ත
"නෑ ඇඩුවේ නෑ"
"අක්කි දිගටම මෙහෙ ඉන්නවද"
"හ්ම්ම්ම්ම්" ඒකට දෙන්න උත්තර මම දන්නේ නෑ

ඒත් හොද වෙලාවට මානෙල් ඇන්ටි ඇවිත් මල්ලිට එන්න කිව්ව මටත් කන්න එන්නලූ

ඒත් මට මොන කෑමද :'(

"මට කන්න බෑ ආන්ටි ඔයාල කන්න"

          මානෙල් ආන්ටි ම්ට ඉන්න කියල ගියා
එයා ලොකු බත් එකක් බෙදන් ඇවිත්.. හ්ම්ම් දැන් නොකා කොහොමද කටක් දෙකක් කෑව

        ඉක්මනින්ම ඇදට ගියේ ඇති තරම් අඩන්න හිතාගෙන ඒත් වෙලාවකට හිතෙන්ව මොකට අඩන්නද මේක හීනයක් විතරයි හෙට උදේ ඇහරෙද්දි මේ මොකවත් වෙල නැතුව ඇති අකීබ් හොදටම ගොරව ගොරව නිදි ඇති එහා ඇදේ අම්ම කුස්සියේ ඉදන් උයනව ඇති

               ඒත් අනේ මේක හීනයක් නෙවෙයිනම්

       ආයෙමත් ලොකු කදුලු බින්දු මගෙ ඇස් වලින් වැටුනා

             ඉක්මනින්ම ගිහින් කාමරේ දොර වහල එන්න යද්දි මානෙල් අන්ටි එන හඩ ඇහිලා කදුලු ඉක්මනට ඇදන් හිටිය ඇදුමේ අතින් පිහිදගත්ත

"චූටි දූ ඔයා එක්ක දෙයක් කතා කරන්න ඕනි..ඒත් දැණ් ඔයාට පුලුවන්ද කතා කරන්න ඒ ගැන"

ඒ ගැන කියල අදහස් කරේ හ්ම්ම් අම්ම ගැන අකීබ් ගැන කියල මම දන්නව..

"හ්ම්ම් කියන්න ආන්ටි කමක් නෑ"

   ඇත්තටම මට දුකක් කියන්න දෙයක් නෑ හිතේ මේක ඇත්තක් කියල තාමත් මගෙ හිත පිලිගන්නේ නැති හින්ද වෙන්න ඇති ඒ

   දුව හ්ම්ම්ම් අම්මගෙයි ඔයාගේ මල්ලිගෙයි මලගෙදර ගැන කතා කරන්න මම කැමති නෑ චූටි දුව..ඒත් ආන්ටි මේ ගැන මොකවත්ම දන්නේ නෑ හින්දයි දුවගෙන් අහන්න ඕනි හිතුවේ"

"හ්ම්ම් කමක් නෑ කියන්න ආන්ටි"

"දුව ඔයාලගේ මලගෙවල් ගන්න විදිය ගැනවත් මොකවත් අපි  දුව..ඒත් පුලුවන් උපරිමෙන් වියදම් කරන වැඩයි ඔක්කොම වගකීම සුනෙත් අන්කල් ගන්නම් කිව්ව..ඒත් කොහොමද කරන්නේ තේරුමක් අන්කල්ටත් නෑ දුව"

"කමක් නෑ ආන්ටි ඔයාල හොදයි කියල හිතන විදියකට ගන්න කොහොමත් අපිට උදව්වක්වත් නොකරන නෑයොන්ට ඕනි විදියට ගන්න ඕනි නෑ ආන්ටි"

"හා දුව දැන් ඒ ගැන හිතන්නෙපා අපි ඉන්න්වනේ මගේ දූට"

ආන්ටි එහෙම කියල ඉක්මනින්ම ගියා..මලගෙදර වැඩ ගැන අන්කල් එක්ක කතා කරන්න වෙන්න ඇති.
ආන්ටිල වියදම් කරනවට මම කැමති නෑ..ඒත් මම කියල කොහින් සල්ලි දෙන්නද

             දුක මදිවට් ප්‍රශ්න හිත ඇතුලේ හැමදේම කැකෑරෙනව සැනසීමක් පේන තෙක් මානෙක නෑ..එකම සැනසුම මේක හීනයක් ඉයල හිතන එක විතරයි ඒත් එහෙම නෙවෙයි හිතෙන හැම පාරම කදුලු ආව...කවද මේ කදුලු නවතියිද කවදා අකීබුයි අම්මයි මාව ගෙදර ගෙනියන්න ඒයිද :'(

                හ්ම්ම් හෙට මොන හිතකින් යන්නද..මගේම ගෙදරට මගේම අම්මගෙයි අකීබ්ගෙයි මලගෙදරට.. තවත් නම් ඒක මගේ ගෙදර වෙන්නේ කොහොමද මට කව්ද ඉන්නේ?... මලගෙදර..,අම්ම..,අකීබ්., හැමවචනයක්ම හිත ඇතුලේ දෝන්කාර දුන්න..
                 රෑ ගොඩක් දිගයි ඒත් කදුලු වලට තෙමිල ඉදිමිච්ච ඇස් ඉක්මනින්ම පිය වුනා..ඒත් තප්පර ගාන කල්පයක් වගේ දැනුනේ

Monday, June 9, 2014

...මම විතරයි..

                        මගේ අම්ම මාව දාල ගිහින් අකීබ් මාව දාල ගිහින්..මේක නපුරු හීනයක්ද දෙවියනේ.මුලු ලොකෙම මගෙ වටේට හයියෙන් කැරකෙනව වගේ දැනුනා..මගෙ කකුල් පන නැති වේගෙන ආව.අනේ මාව වැටෙයි කියල මම හිතද්දිම මැඩම් මාව අත් දෙකෙන්ම අල්ලගත්ත..

             "අනේ මැඩම් මෙක නපුරු විහිලුවක් නේද කාගෙ හරි"

           මැඩම් මාව කවදාවත් නැතුව තුරුල් කරගත්ත..."අනේ අකීෆා ජිවිතේ හැටි ඔහොම තමයි දුව..දැන් අඩන්නෙපා ඇඩුව කියල මොනව්වත් වෙන්නෙ නෑ දුව"

                          "මම දන්නේ නෑ මැඩම්"
           මේක හීනයක් මෙක හීනයක් මේක හීනයක් මම මටම මුමුනගත්ත..මම මගෙ ඇස් දෙක තද කරල වහගත්ත..එතකොටම ලොකු කදුලු බින්දු දෙකක් කම්බුල දිගේ  ගලාගෙන ගියා..

              "දුව ඔයාව එක්කන් යන්න මම සුනෙත් අන්කල්ලට එන්න කිව්ව දැන් තව ටිකකින් එයාල එයි එතකන් ඔහොමම ඉදගෙන ඉන්න අකීෆා"

           හැමදාම මට් බනින ගහන මැඩම් අද මගෙ අම්ම තරම් කාරුනිකව කතා කරනව... අම්මා...අම්මා... ඒ පුන්චි සිතුවිල්ලත් එක්කම අම්මව මට මැවිල පෙනුනා අනේ මගෙ අම්ම නෑනේ මම කොහොම හිතන්නද ඒක

    "මැඩම් මම එයාල එනකම් ගේට් එක ගාවට වෙලා ඉන්නම්"

       මැඩම් මොකක්වත් කියන්නත් කලින් මම පුටුවෙන් නැගිටල ග්‍රව්න්ඩ් එක පැත්තට දිව්ව.

             කෙවීන් මම එන්කම් තාමත් එතනම හිටියේ..දැන් තප්පර ගානකට කලින් තිබ්බ ලස්සන නෑ..මුලු පරිසරේම මහ මූසල පාටයි කියලයි මට හිතුනේ.

                 කෙවීන්ට මූන දෙන්න මට හිත හයිය නෑ මට බෑ කාටවත්ම මේ ගැන කියන්න මට තනිවෙන්න ඕනි කෑ ගහල අඩන්න ඕනි

"අකීෆා මම ඔයා එනකම් හිටියේ මොකෝ එ පාර් මැඩම් ගැහුවද අදත්"

         එයා වෙනදටත් වඩා ලස්සනට හිනා වෙල ඇහුවේ..ඒත් මට කතා කරගන්න බෑ මාව වෙව්ලනව. මම එයාව මගෑරල අපේ පන්තිය පැත්තට දිව්ව.පන්තියට යන පඩිපෙල පාලුයි ඉස්කෝලෙ ඇරිල හින්ද කවුරුවත්ම නෑ

              මට ඕනි වුනේ හැන්ගෙන්න...මුලු ලොකෙන්ම හැන්ගෙන්න..හිටන් ඉන්න තරම්වත් හයියක් තිබ්බේ නෑ මම එහෙමම පඩිපෙලේ ඉදගත්ත...අඩන්න තරම් හේතුවක් හිතුනේ නෑ..මට කිසිම දෙයක් හිතාගන්න බැරුව හිටියේ... කල්පයක් තරම් දිග තප්පර ගානක්..අකීබ්ගෙ මූන....මම එයාට බැන්න විදිය අම්මට උදව් නොකරපු හැටි..හැමදේම මේ දැන් වෙනව වගේ මගෙ ඉස්සරහ මැවිල පෙනුනා

             "අනේ අකීබ් මට සමවෙන්න ඔයා ගෙ නන්ගි මම.., අනේ අකීබ් මාව දාල යන්න අයිතියක් නෑ ඔයාට අනික මේවගේ පොඩි දේකට මාව දාල යන්න තරම් බබෙක්ද ඔයා"
අකීබ් මගේ ඉස්සරහ කියල හිතෙන් මවන් මම හිමින් කිව්ව

මම අත් දෙකෙන් ඇස් දෙක තද කරල වහගත්ත ...ඇති තරම් කෑ ගහල ඇඩුවා..

අනේ අම්මි ඔයයි අකීබුයි ඇර මට කව්ද ඉන්නේ මට කවුද ඉන්නෙ අම්මි

මම කෑ ගැහුව කාට ඇහුනත් කමක් නෑ කියල මම මගෙ අත් දෙකෙන් මාවම තුරුල් කරන් කෑ ගැහුවා ඒත් අම්මිටවත් අකීබ්ටවත් ඇහුනේ නෑ... අකීබ් ඇවිත් මට කතා කරනවනම් ...දැන් අම්මි ඇවිත් මම එනෙකම් ගේට් එක ගාව ඉන්නවනම්..ශිට් ආයේ කවදාවත් එහෙම වෙන්නේ නෑ කවදාවත්ම අම්මි එන්නේ නෑ අකීබ් මට කතා කරන්නෙ නෑ


මම මොනාද කරන්නෙ කොහිද ඉන්නෙ හැමදාම සුනෙත් අන්කල්ලගෙ දිහා ඉන්න බෑ..සුනෙත් අන්කල්ල හිටියෙ අපිට ගෙව්ල දෙකක් එහායින් අපේ හැමදේකටම හිටියේ එයා අපිට කියල නෑයෙක්වත් නෑ..


"අකීෆා අනේ අඩන්නෙපා ඔහොම "
කෙවින් මම හිටිය තැනට ඇවිත් දැන් කොච්චර වෙලාද දන්නෙ නෑ..එයා කතා කරනකම් මම එයා හිටිය බව දන්නේ නෑ
Add caption


"අනේ කෙවීන් එයාල මාව දාල ගිහින් කෙවීන් ඇයි කෙවීන් මාව අරන් නොගියේ එයාල"

කෙවීන් මොකුත්ම නොකිය මාව තුරුල් කරගත්ත.තුරුල් කරන් මගෙ කොන්ඩෙ ඇතුලෙන් එයාගෙ අත දාල මගෙ ඔලුව

අතගෑව පුදුම තරම් ආදරෙන් ..එයාගෙ පපුව ගැහෙන හඩ පවා මට ඇහුන..මම ආයෙමත් කෑ ගහල ඇඩුව.කෙවින් ඇදන් හිටිය නිල් ජර්සිය තෙමාගෙන එයාගෙ සුදු ශර්ට් එකටම මගෙ කදුලු ගිහින් තෙමුනා..
http://img27.imageshack.us/img27/3762/ent10.jpg
එතකොටම ටානිය දුවගෙන ආව එතනට.
ඒත් කෙවීන් මාව තුරුල් කරන් ඉන්නව දැකල එයා අයෙම යන්න හැරුන

"ටානි මාව දාල යන්නෙපා මට කවුරුවත් නෑ
"

"අනේ අකී මම කවමදාව්ත් ඔයාව දාල යන්නේ නෑ"

කෙවීන්ට තූර්ල් වෙලා ඉද්දිම මම ටානිගෙ අත තද කරල අල්ලගත්ත

"අකීෆ සුනෙත් අන්කලුයි මානෙල් ආන්ටියි ඇවිත් ඔයව එක්කන් යන්න දැන් කදුලු පිහිදගන්නකො හොද ලමය වගේ"

"මට යන්න බෑ කෙවීන් මම කෙවින්ගෙ ඇස් දිහා කෙලින්  බලල තව ටිකක් තුරුල් උනා..එය මගෙ උරහිසෙන් අල්ලල් මාව ඈත් කරල කදුලු එයාගෙ අත් වලින් පිහිදුවා

"අඩන්නෙප අකී ඇඩුව කියල වෙනස් වෙන්නෙ නෑ මොකුත්.ඔයාට මම ඉන්නවනේ..,ටානිත් ඉන්නව.,ඉමාන්,අපි හැමෝම ඉන්නව ඔයා ගාව "

"අකී මාත් එන්නම්ද ඔය එක්ක සුනෙත් අන්කල්ලගෙ ගෙදර යන්න ටීචර් කමක් නෑ කිව්ව ඔයා එක්ක ගියාට ප්‍රැක්ටිස් ඉන්නැතුව"

කමක් නෑ ටානි ඔයා ඉන්න මට පුලුවන් තනියම යන්න

මම එහම කියල බෑග් එකත් දාගෙන යන්න හදද්දිම මාව වැටෙන්න ගිය කකුල් පන නැතුව කෙවින් මාව අල්ලගත්ත..

"නෑ නෑ අකී එහෙනම් අපි දෙන්න කාර් එක ගාව්ට ඔයාව එක්කන් යන්නම්"

මානෙල් ආන්ටි මාව දැකපු ගමන් කාර් එකෙන් බැහල දුව්ල ආව.
"අනේ මගෙ චුටි දූ හොදටම අඩලනේ හ්ම්ම් දැන් අඩන්නෙපා මම ඉන්නවනේ මගෙ මැනික ගාව"

මාව ආන්ටිම් කාර් එකෙන් ඉන්දෙව්ව කෙවීන්ටයි ටානියාටයි යනව කියන්නව්ටහ් මත අමතක වුනා..
කාර් එක යන්න පටන් ගත්ත




"දුව දැන් හොස්පිටල් එකට යන්න  ඕනි නෑනේ

අපි කෙලින්ම අපේ ගෙදර යන් මගෙ දූ එන හින්ද මම ඔයා අසම විදියට අද කෑම හැදුවෙත් බඩගිනිත් නේ දුවට"

ආන්ටි මොකුත් නොවුන් විදිය්ට ඉන්න හදන්නේ මගෙ හිත හදන්න බව ම්ම දන්නව

"අනේ ආන්ටි මට මගෙ අම්මව ඕනි"ආන්ටිගෙ පපුවට තුරුල් වෙලා මම අඩන්න ගත්ත

මම අඩනව දැකල සුනෙත් අන්කල්ගෙ ඇස් වලත් කදුලු.

"මට මගෙ අම්මව ගෙනත් දෙන්න අන්කල් ප්ලීස්"

අන්කල් ඇස් වල කදුලු පිටි අල්ලෙන් පිහිදගන්න ගමන් කිව්ව "දුව අපි මුලින් ගෙදර යන්කෝ හාද"


(මේ කොටස තවම ඉවර නෑ..ඒත් දැනට නවත්තන්න වෙනවා.හෙට ම්ට පොඩි විබාගයක් physics .ඒකට පාඩම් කරන්න ඕනිනේ)

Sunday, June 8, 2014

හැමදේම වෙනස් වුන හැටි


                     

                                මම ඇහරෙද්දි උදේ පහ මාරත් පහු වෙලා...දැනටමත් පරක්කුයි..අම්මනම් උදේම ඇහරිල දැන්ටමත් කුස්සියේ ඇත්තේ.. මම හිමීට නැගිටල බැලුවා අකීබ් හොදටම නිදි...ආයෙත් සද්ද නොකරම මම අනිත් පැත්ත හැරිල තද කරල ඇස් දෙක වහගත්ත..හොදටම වහිනව ටක ටක ටක ටක ගාල වැහි බින්දු වැටෙන සද්දෙට නින්ද යන්නෙත් නෑ..ඒ මදිවට මේ මූසල සීතල..මම ශීට් එක තවත් ටිකක් හොදට පොරවගත්ත..අද ගෙදර ඉන්න තියෙන්වනම් බොරු ලෙඩක්වත් දාල.... එහම හිතද්දිමයි මට මතක් වුනේ මගෙ ලිව්ම..අද වගේ දවසක් නාස්ති කරගන්න ඕනි නෑ මේ ජරා වැස්ස හින්ද..

 

  කොහොම හරි අද ගිහින් මේ ලිව්ම දෙන්න ඕනි කෙවීන්ට අව්ව්ව්ව් අද ඉදන් එයා මගේ බී එෆ් මුලු ඉස්කෝලෙම ඉන්න කෙල්ලො ටිකගේ හීන කුමාරය අද ඉදන් මගේම වෙන්නයි යන්නේ.., ඇත්තම කිව්වොත් මාත් ඉස්සර ඉදන්ම එයා ගැන අද දවස ගැන හීන මැව්ව ඒත් ඇත්තටම එහෙම දවසක් එයිද හිතුවේ නෑ..  අනික කොහොමටවත් මේක වෙයි හිතන්නත් බෑ මම වගේ සුදුමැලි පාන්ඩු පාට කෙල්ලෙක්ට කෙවින් වගෙ ලස්සන කෙනෙක් කැමති වෙයි කියනෙක හිතන්නත් අමාරුයි....


             ලිවුම දෙන්න අද යන්න ඕනි කියල මතක් වුන නිසාම.. ශීට් එක අයින් කරල ඇදෙන් බැස්ස..අකීබ්නම් තාමත් හොදටම නිදි..නිදන් ඉද්දි වෙලාවකට් පවුත් හිතෙනව..කොයිතරම් රන්ඩු උනත් අකීබ් මට හිතාගන්නව්ටහ් බැරි තරම් ආදරෙයි..එයාගේ මුලු ලෝකෙම අම්මයි මායි..මේ පාර මගෙ උපන්දිනේට දෙන්න අකීබ් ලස්සන බෝනික්කෙක් අරන්ලූ ඒත් තාම මම නම් දැක්කෙවත් නෑ එයාව..අකීබ්ගෙ යාලුවෙක් තමා මටත් කිව්වේ..ඒත් කවතාවත් අකීබ්ගෙ උපන්දිනේට මම ලස්සන එයා ආසකරන තැග්ගක් දීල නෑ... එක පාරක් දුන්නේ මම බලල බලල මටම එපා වුන ෆිල්ම් වගයක්..තවත් පාරක් ගොඩක් ගාන අඩු චොක්ලට් වගයක්.. ඒත් අකීබ් මට කවදාවත් එහෙම කරල නෑ,හැමදාම මගෙ දුකකදි මගේ ගාව හිටියා,,අම්මට උයන වැඩ වලට පවා මටත් වඩා අම්මට උදව් උනා...

නිදන් ඉන්න විදියට ඇහරවන්නත් දුකයි...6වෙන්න තව වෙලත් තියෙන්වා..එයා හැමදාම 6ටනේ ඇහරෙන්නෙ.. මට එක පාරටම මතක් උනා අයෙම කෙවින්ව..කෙවීන් දැන් ඇහරිලද දන්නේ නෑ..මම පුරුද්දට වගේ ජනේලේ ලගට කිට්ටු උනා..ශි මේ මීදුම හින්ද පේන්නෙත් නෑ හරියට ඒ මදිවට එයාලගෙ සාලේ කර්ට්න් තාම ඇරලත් නෑ

   


"අකීෆා අකීබ් ඇහරෙන්න ඉස්කෝලෙ යන්නේ නැද්ද අද..."


අම්ම කතා කරද්දි තමා මට මතක් වුනේ වෙලාව ගැන..6.15යි මෙච්චර වෙලා මම හිත හිත ඉදලනේ කෙවීන් ගැන....අයියෝ හොදටම පරක්කුයි..අකීබ් තාම නිදි..මම ඉක්මනටම ගිහින් අකීබ්ව ඇහරෙව්ව එයාව ඇහරවනව කියන්නේ හරියට නිදන් ඉන්න කොටියෙක්ව ඇහරවනව වගෙ..ඇහරුන ගමන් බැනගෙන බැනගෙන යනව නිදි මතේම ඇහරුවට තරහට..කොහොම හරි අකීබ්ව ඇහරවල මාත් ලැස්ති වෙන්න ගියා...කෑම කනකොට 7ත් පහු වෙලා..ඒත් අපේ ගෙදර පුරුද්දක් තියෙන්ව කොච්චර වෙලා ගියත් කෑම මේසෙට ඉදගද්දි අපි 3න් දෙනාම ඉන්න ඕනි කියල..


"අම්ම දන්නවද අකීෆාට කොල්ලෙක් සෙට් වෙලානේ"


අකීබ් කිව්වේ තව බොන්චි කරල් දෙකක් බෙදාගන්න ගමන්

මම අකීබ් දිහා බැලුවේ පුදුමෙන් වගේම තරහින් මගේ ඇස් වලින් ගිනි පුපුරු පිට වුනේ නැති එක


"හා ඇත්තට...!!!අකීෆා"

අම්ම නම් කිව්වෙ විහිලුවට වගේ එතකොටයි මටත් තෙරුනේ මේක අකීබ් කිව්වෙ නිකන් ජෝක් එකට වගේ කියල "මේ බොරු අම්ම මෙයාගෙ "මම කිව්වෙත් විහිලුවකට වගේ පෙන්නන ගමන්


අපේ ඉස්කෝලෙ තිබ්බේ පයින් යන දුර..අම්මනම් ඉගැන්නුවේ ඊට වඩා ටිකක් දුරින් තියෙන ඉස්කෝලෙක..හැමදාම අකීබ්වයි මාවයි අපේ ඉස්කෝලෙ ලගින් බස්සගෙන තමා අම්ම ඉස්කෝලෙ  යන්නේ..එත් මම නම් ආස පයින් යන්න ඉස්කොලේ එතකොට කෙවීන්වත් මට හම්බෙනවා..කෙවීන්ල ඉස්කොලෙ යන්න කලින් තම හැමදාම අපි ඉස්කෝලෙ ගියෙ..නැත්තම් අම්මට පරක්කු වෙනවනේ..


හැමදාම වගේ එදත් ඉස්සරහ සීට් එකෙ යන්න අකීබුයි මායි පොරකෑව.අද කොහොම හරි අකීබ් තමයි ඉස්සරහට පැන ගත්තේ..මමනම් අකීබ්ගේ මූනවත් බැලුවේ නෑ එයා අම්මට උදේම රක කිව්ව එකේ තරහට්...


කරෙකට නැග්ග වෙලා ඉදනුත් අකීබ්ගෙයි අම්මගෙයි වැඩේම මට විහිලු කරනෙක ..අම්ම හිතුවේ අකීබ් ඒක විහිලුවට කිව්ව කියලනේ.. මම වචනයක්වත් කතා කරේ නෑ බහිනකම්ම..නවත්තපු ගමන් කාර් එකෙන් එලියට බැග් එකත් අරන් පැනල "යන්නම් අම්මා " ගාගෙන ඉස්කෝලෙට දිව්වේ අකීබ්ව මගාරින්නමයි.මම පන්තියට දුවගෙන යද්දි ඉමාන් මම එනකම් බලන් හිටියා එයත් අපි වගේම කලින් එන්නෙ ඉස්කෝලෙට..අපි දෙන්නම බෑග් එක පන්තියෙන් තියල පහල පන්ති පැත්තේ ඇවිදින්න ගියා..ඉමාන් කට ඇරිය ගමන් ඇහුවේ කෙවීන් ගැන..ප්‍රශ්න වැලක්..ඊයේ ඉස්කෝලේ ඇරිල ගියාට පස්සේ කෙවීන්ව හම්බුනාද..එයාට දැන් හා කියනව්ද දාහක් ප්‍රශ්න...

''ඉමා....න් ප්‍රශ්න අහනෙක නව්ත්තල කියන්නකො අද මම ලස්සනද?"" ඇත්තටම කියන්නකො ප්ලීස් නැත්තම් කෙවීන්ට අද මාව දැක්කමම එපා වෙයිද දන්නේ නනේ


"හරි හරි ලස්සනයි ලස්සනයි මෝඩියේ කෝ ඔයාගෙ බොඩි ගාර්ඩ් පේන්න නැත්තේ ඇයි අද"


එයාල මගේ බොඩි ගාර්ඩ් කියල කිව්වේ අකීබ් ට


"ආඅහ් ඒ කේලමා  එක්ක මගේ දැන් ගනුදෙනුවක් නෑනේ"


"ඇයි මොකෝ වුනේ ඒ පාර ආයෙම එයා ඔයාගෙ තේකට පනුවෙක්වත් දැම්මද"


"ආපෝඉ ඊට අන්තයි...." මම කියල ඉවර කර්න්න කලින්ම ටානිය අපි දිහාට දුවගෙන ආව


"මෝඩයෝ දෙන්න කොහිද රවුම් ගගහ හිටියේ..මම හැමතැනම හෙව්ව"

ටානියයි ඉමානුයි බල කරපු හින්ද එයාලටත් ලිව්ම පෙන්නුව..කොහොම කොහොම හරි ඉස්කෝලෙ පටන් ගන්න බෙල් එක ගහනකම් කතා වුනේම ඒ ගැන..පන්තියට යන්න කලින් මම කොන්ඩෙ එහෙමත් ටිකක් හදාගෙන ගියේ මට මැවිල පේනව කෙවීන් එයා වෙනද ඉදන් ඉන්න තැනම ඉදන් ඉන්න හැටි හැමදාම මම පන්තියට එන්නේ එයා දිහා බලන් එත් කවමදාවත් එයා මන් දිහානම් බලල නෑ... ඒත් අද ශුවර් එයා මන් දිහා බ්ලන් ඇති..ඒත් අනේ මන්ද මම unifm එකට කැතද දන්නේ නෑ..තද නිල් පාට ගව්මයි යටින් සුදු ශර්ට් එකයි තමයි අපේ ඉස්කෝලෙ උනිෆෝම් එක.. මම ගොඩක් සුදුමැලි පාටට පේනව ඒ ඇදුමට...5ස් වෙනි පාරටත් මම ටානියගෙනුයි ඉමාන්ගෙනුයි මම ලස්සනද අද ගග ඇහුවා..." ඔව් ඔව් මෝඩියේ අනික මේ කෙවීන් ඔයාව උනිෆෝම් එකෙන් දකින පලවෙනි පාර නෙවෙයි අවුරුදු එකොලහක් තිස්සෙ එයා ඔයාව ඔහොම දැකල තියෙන්ව" ටානියි ඉමානුයි දෙන්නම එහෙම කියල හිනා වුනා

අපි ඉක්මනටම පන්තියට ගියා...කෙවින් පුදුම තරම් ලස්සනට පන්තියේ ඉස්සරහම පේලියේ ඉදන් හිටියා මම එයාගෙන් ඇස් අහකට නොගෙනම පිටිම පස්සෙ මැද පේලියට ගිහින් ඉදගත්ත.. පිටි පස්සෙ දෙවෙනි පෙලියේ තමා ආකිබුයි එයාගෙ යාලුවෝ 3න් දෙනයි හිටියෙ... මම ඉදගත්ත ගමන් ආකිබ් මගෙ පැත්ත හැරුනා...


"ඔයාට බෑ මාත් එක්ක තරහ වෙන්න"

"නෑ මට පුලුවන් කේලමා"


ටීචර් ආව හින්ද තවත් කතාව දික් ගැහුනේ නෑ අකීබ්ට ඉස්සරහ බලාගන්න වුනා.


කෙවීන් දිහා මට බලන්නවත් අකීබ්ට මාත් එක්ක කතා කරන්නවත් කිසිම වෙලාවක් හම්බුනේ නෑ එක දිගටම අපිට ඉගැන්නුවා


ඉන්ටවල් එකේදිත් අකීබ් මාත් එක්ක කතා කරන්න ආවට මම එයාව මගෑරියා..කෙවින්ට ලිව්ම දෙන්න යන හැමවෙලේම අකීබ් මගෙ පස්සෙන්ම ආව හින්ද ඒකත් බැරි උනා...කාල ටානියයි මායි ඉමානුයි අත හොදන්න යද්දි අකීබ් මගෙ උරහිසෙන් තදින් අල්ලල එයාගෙ පැත්තට හරවගත්ත..

"ප්ලීස් අකීබ් පාඩුවෙ ඉන්නවද..ඔයා එක්ක ආයේ මගෙ කිසිම ගනුදෙනුවක් නෑ"

"අකීෆා ඔයා මගෙ නන්ගි,ඔයාට බෑ මට එහෙම කරන්න මේ වගෙ පොඩි ඒවට තරහ ගන්න ඔයා බබෙක්ද අකීෆා"


"මම බබෙක් වුනත් නැතත් ඔයාට වැඩක් නෑ කේලමා ඔයත් එකයි අම්මත් එකයි.. "


"එහෙම කියන්නෙප අකීෆා..මම පොඩි කාලේ ඉදන් ඔයාගෙ යාලුවත් නේද"


http://us.123rf.com/400wm/400/400/marcopolo/marcopolo0907/marcopolo090700047/5175983-.jpg"පොඩි කාලේ ඉදන්ම ඔයා මගෙ ජීවිතෙන් නැත්තම් හොදයි..මට ඕනි නෑ පැය 24රේම මගෙ පස්සෙන් එන බොඩි ගාර්ඩ් කෙනෙක්.,ඔයා නැතුවට මට වෙන යාලුවො ඉන්නව අකීබ් ඇත්තමයි ඔයා නැත්තම් මට මීට වඩා සතුටෙන් "


අකීබ් කෙලින්ම අනිත් පැත්ත හැරිල එයාගෙ යාලුවන්වත් ඇදගෙන ගියා එතනින් එයාගෙ යාලුවෝ මට රැව්ව..මාත් රවල අහක බල ගත්තම ටානිය ඇවිත්  ''ඇයි අකී ඔහොම එයාට කතා කරෙ එයාගෙ හිත ගොඩක් රිදිල වගේ ගියෙ"


"අනේ ටානි ප්ලීස් පාඩුවෙ ඉන්නවද.,ඔයාටත් මට වඩා වටින්නේ එයාවද? "


"අඉයෝ අකීෆ අපි එහෙම කිව්වද දැන් නෑනේ,හරි කෙල්ල ඕව අමතක කරල අපි දැන් යමුකො කෙවින් කොහිද් බලන්න"


ඇත්තටම මට මුලු දවසෙම කෙවීන්ට ලිව්ම දෙන්න හම්බුනේ නෑ..ඒත් තව දුරටත් අකීබ් මගේ පස්සෙන් ආවෙනම් නෑ..එයාව දකින්න හම්බුනෙත් නෑ ස්පෝර්ට් මීට් හින්ද අන්තිම පාඩම් තුන අපිට ඉගැන්නුවෙ නෑ.ඒත් මම ගොඩක් තරග වලට හිටිය හින්ද ඒ මුලු වෙලාවෙම නිදහසක් හම්බුනේ නෑ..ඉස්කෝලෙ ඇරෙන බෙල් එකත් ගැහුවා...ඒත් මේ ලිව්ම නොදී ගෙදර යන්නෙ කොහොමද අද මගෙ දවස..මගෙ ජිවිතේම වෙනස් වෙන්න තියෙන දවස එහෙම නිකන් නාස්ති වෙන්න දෙන්න බෑ...


ඉමාන් බැග් එකත් අරන් යන්න ආව ගේට් එක ගාවට... "අකීෆා ඔයා එනවද"

"ඉමා කෝ ටානිය"

"ටානි  හයි ජම්ප් ඉන්න හින්ද ප්‍රැක්ටිස් වලට ඉදල එන්නේ ඔයා යන්"


"ඉමා ඔයා යන්න මම ටානි එනකම් ඉන්නව"

එතකොටම ටානිය ආව එතනට

"අකී අන්න ඔයාලගෙ අම්ම ඇවිත් එක්කන් යන්න ගේට් එක ගාව ඉන්නව"

"අයියෝ එහෙනම් මම ඉක්මනට අම්මට අද පරක්කු වෙලා එන්නේ කිය්ල එන්නම්"


මම ගේට් එක ගාව්ට යනකොට අම්මගේ කාරෙක නවත්තල තිබ්බ.ඒ වෙනකොටත් අකීබ් නැගල ඉස්සරහ ඉදන්  බුම්මන් හිටියෙ මගේ මූනවත් බැලුවේ නෑ..එයාව හොදටම රතු වෙලා.මම වගේම එයා සුදුමැලි හින්ද පොඩ්ඩක් ඇඩුවත් තරහින් හිටියත් මුලු මූනම රතු වෙනවා..එයා මව ගනන්වත් ගත්තෙ නෑ..මාත් මොකට නෝන්ඩි වෙනවද මාත් එයාව ගනන් නොගෙන හිටියා "අම්මි අද මට ප්‍රක්ටිස් තියෙනව ඉවර වෙද්දි 4රවත් වෙයි මම ටානිය එක්ක එන්නම්"

"හා දුව පරිස්සමෙන් කොහිවත් ඇවිදින්න නොයා ගෙදරම එන්න"


"ඔකේ අම්මි බායි"


මම ටානිය දිහාට දුවගෙන ගියේ ගොඩක් සතුටෙන්.. "ටානි ඔයා කෙවින්ව දැක්කද??"

"ආහ් කෙවිනුත් ඇහුවා ඕකම දැන් මගෙන් ඔයා කො කියල අන්න ඔයාව හොය හොය ග්‍රව්න්ඩ් එක පැත්තට ගියා...බබා මම දැන් යනව ටීචර් එන්න කිව්ව මටත්"


"ඔකේ ටානි බායි"


"බායි බායි හැපී මන්ගලම්"

"යනව යනවා විහිලු නොකර"


මම ග්‍රව්ඩ් එක පැත්තට දුවගෙන ගියා අව්ව් කෙවින් කිරිගරුඩ පිලිමයක් වගේ හදල තිබ්බ හව්ස් එකකට හේත්තු වෙලා හිටිය.. එයා ගාවට යද්දි මම ආපු වෙගේ ටිකක් අඩු කරල ඉක්මනට කොන්ඩේ අතෙන් හදාගෙන ගියේ..එයා මාව දැක්ක... එයාගේ ඒ බැල්මට මගෙ මුලු ඇගම සීතල වුන..මට තේරෙනව මගෙ මුලු මූනම රතු වෙනව කියල


"කෙවින් මේ මම..මම"මට වචනත් පැටලවෙනව එයාව දැක්කම,වෙනද්ටත් වඩා එයා ගාවදි මට ලැජ්ජවක් එනවා


"අනේ අකී මෙ මොකද මේ රතු වෙලා ලමයෝ"


ලමයෝ?එයා මට ලමයෝ කියල කතා කරා අනික මෙහෙම ලන් වෙලා උහ්හ්හ්හ් මාව මේ වෙලාවෙ කලන්තේ දායිද


"කෙවීන් මම මේ ආවේ"

http://mehlvillemedia.com/wp-content/uploads/2014/05/Mehlville-Media-Dating.jpg"ඔව් ඔයා... අවෙ?"

 එහෙම කියල එයා ලස්සනට මාව වශී වෙන විදියට හිනා වෙලා.. හිමින් ඉස්සරහට ඇවිදින්න ගත්ත මාත් ඉබේටම එයා එක්ක ගියා

"මම.....එම්ම්ම්ම්"

"මම..........."

කියල ඉවර කරන්න කලින් පොඩි නන්ගි කෙනෙක් දුවන් ආව.."අකීෆා අක්කි ඔයාට ඔෆිස් එකට එන්නලු"


"මොකක් මට"

"කමක් නෑ අකී ඔයා ගිහින් එන්න එතකන් මම මෙතන ඉන්නම්"

කෙවින් ඒක කිව්වෙ ගොඩක් බ්ලාපොරොත්තු කඩ උන හඩකින්


මට මට මොකටද ඔෆිස් එකට එන්න කියන්නේ මම වරදක් කරෙ නෑනේ.. කිසිම වරදක්..වෙනද වගේ ඉස්කොලෙ පොකුනට කාවවත් තල්ලු කරෙත් නෑ. කාටමහරි ලමයෙක්ට සැරෙන් බැන්නෙත් නෑ..


දාහක් ප්‍රශ්න හිතේ තියන් මම ඔෆිස් එකට ගියේ..


"එස්කියුස් මේ මැඩම් මට කතා කරාද"

මැඩම් මම දිහා බැලුවේ අමුතු විදියකට වෙනද ව්ගේ තරහෙන් නෙවෙයි

හරියට එම්ම්ම් හරියට මැරුනු කුරුලු පැටියෙක් දිහා බලන්ව වගේ


"අකීෆ ඔයා එනකම් හිටියෙ ඇවිත් ඉදගන්නකො මෙතනින්"

"අනේ අම්මටනම් කියන්නෙප මැඩම් මම හිතල වරදක් කරෙ නම් නෑ මැඩම්'

"අකීෆ දුව නෑ නෑ ඔයා වරදක් කරාට නෙවෙයි එන්න කිව්වෙ දුව ඔයාට වැදගත් දෙයක් කියන්න තියෙනව ඒත් කලබල වෙන්න එපා දුව ඔයාට අපි ඉන්නවනේ"


මොකක් මැඩම් මේ මොකක්ද කියවන්නේ..කව්දාවත් නැතුව දුව කියල මට කතා කරන්නේ


"ඇයි මැඩම් ඇයි එහෙම කිව්වෙ මේ පාර මම මොනාද කරෙ මැඩම්"


"දුව ඔයාගේ අම්මගෙ කාර් එක..."


ඊට පස්සේ මැඩම් කිව්ව එක වචනයක්වත් මට ඇහුන් නෑ මුලු ලෝකෙම හයියෙන් මගෙ වටෙට කැරකෙවෙනව ව්ගේ දැනුනා... මැඩම් කියන හැම්දේම ඈතක ඉදන් කව්ද කියන ඒව වගේ ඇහුනේ


....හැමදේකටම කලින්..,සාමන්‍ය දවසක්...

       ඒ නපුරම නපුරු දේ වෙන්න කලින් දවසෙ හැමදේම සාමන්‍යයි..ඒත් සාමන්‍යමත් නෙවෙයි ඇත්තටම කිව්වොත් මම හිටියේ ගොඩක් සතුටින්..මට හිතුනා හෙට ඉදන් මගෙ ජීවිතේ ගොඩක්ම ගොඩක් වෙනස් වෙයි කියල..ඒත් ඒ නරක විදියකට නෙවෙයි ගොඩක් හොද විදියට....
                          
                                    මම එක වසරේ ඉදන් ගියේ එකම ඉස්කෝලෙකට..මම ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි ලමයෙක් නෙවෙයි..ඇත්තටම වලි කෙක්කෙක්..මට ඕනි විදියට හැමදේම වුනේ නැත්තම් ඒ දේ කොහොමම හරි කරගන්න මට පුලුවන් කම තිබුනා...පන්තියේ හැමොම මාත් එක්ක කතා කරා.උදේම මම එද්දි ගුඩ් මෝර්නින් කිව්වා...ඒත් මම හොදටම දැනන් හිටියා ඒ මට තියෙන බයට මිසක්  යාලු කමකට නෙවෙයි කියලා..මට කියල හොදම හොද යාලුවෝ හිටියේ දෙන්නයි..ටානියායි ඉමානුයි..,මගේ මුලු ජිවිතේම එයාල දන්නව කියලත් වෙලාවකට හිතෙනව ඒතරමටම එයාල මට ලගයි...,ඇත්තම කිව්වොත් මගේ තාත්ත ගැන පවා එයාල දන්නව.. අනිත් හැමෝමටම මම කියල තියෙන්නේ අපේ තාත්ත මැරුන කියලා මම ඉපදුන දවස් වලම..මම දන්නව ඒ බොරුව මහම මහ නපුරු ජාරා බොරුවක් කියල..ඒත් මම ඉපදුන දවස් වලම මාවයි මගේ අහින්සක අම්මිවයි දාල ගිය තාත්ත කෙනෙක් ගැන කියන්න මටම ලැජ්ජයි ඊට වඩා එයාව මෙහෙම පනපිටින්ම හිතෙන් මරල ඉන්නෙක හොදයි කියල හිතුනා..මගේ තාත්ත ඉස්ලාම් අම්මිත් ඉස්ලාම්..ඒත් අම්මගෙ තාත්ත සින්හල අම්මිගෙ අම්මි තමා ඉස්ලාම්..අපේ ආගමේ හැටියට වරදක් නෑලු එහෙම දෙන්නෙක් බදින එක..ඒක නීතිමය වශයෙන් වරදක් නැති උනාට අනේ මන්ද මම හිතන්නේ නම් ඒක වරදක්..ඒ ජරා වරද හින්ද මායි අම්මයි අද මෙහෙම විදවන්නේ.,ඒ වගේම අම්මි අපේ ආගමෙන් මේතරම් දුරස් උනෙත් ඒක නිසාම වෙන්න ඇති......,


                                         හරි ඒ නපුරු අකමති ඒව හිතල මම මොනාට හිත නරක් කරගන්නවද,අද වගේ දවසක.ඊට වඩා කොයිතරම් ඒව තියෙනවද හිතන්නේ..මගේ චූටි කාලේ ඉදන් හිටිය හීන කුමාරය අද මගෙන් යාලු වෙන්න ඇහුවා..මටනම් අනේ මන්ද හීනයක් වගේ මේක ඒත් ඉමානුයි ටානියි තව මුලු පන්තියටමයිනම් මේක පුදුමයක් නෙවෙයි හැමෝම ඉස්සර ඉදන් දැනන් හිටයා අපි කවදා හරි යාලු වෙයි කියල..

ඒත් awwwww මට කෑ ගහල නටන්න හිතෙනව සතුටට..awwwsh එයා මගෙන් යාලු වෙන්න ඇහුව එයා මගෙන් යාලු වෙන්න ඇහුව එයා මගෙන් යාලු වෙන්න ඇහුවා...=D

                                         එයා ඉන්නේ අපේ එහා ගෙදර..එත් ඒතරම්ම අපි දෙගොල්ලන්ගේ ගෙවල් ලගමත් නෑ..ඇයි කිව්වොත් අපේ ගෙවල් දෙක මැදින් පාරක් තිබ්බ..බස් යන පාරක් නෙවෙයි ටිකක් පොඩි පාරක්...ඒත් මගේ කාමරේ ඉදන් බැලුවම එයාලගේ සාලේ පේනව..ඉතින් හිතා ගන්න පුලුවන්නේ පොඩි කාලේ ඉද්න්ම මම ජීවිතෙන් වැඩිම කාලයක් ගෙව්වේ  කාමරේ ජනේලේ ලග ඉදන්..එයගෙ නම කෙවින් ටිකක් උස සුදු වයසට වඩා පෙනුමක් තිබ්බට හුරතල් ලමයෙක්.. පොඩි කාලේ ඉදන් මම එයා ගැන හීන මැව්වා..ඒත් එයානම් එහෙම නෑ.. පස්සේ පස්සේ තමා මට කැමති වුනේ.. එයා ඉස්සර හිතන් හිටියේ මම කමකට නැති බාබි ඩෝල් කෙනෙක් කියල.. මම මොනා කරන්නද මම එහෙම වුනාට.. මගේ හම ඕනාවට වඩා සුදුයි...ඒත් එක ලස්සනක් නෙවෙයි මම නම් හිතන්නේ මම සුදු මැලියි..රක්ත හීන තාවය වගෙ..මගෙ කොන්ඩේ ටිකක් දිගයි පහලට ඔහේ කඩන් වැටෙන කෙලින් කොන්ඩයක් ඒත් මට හැම වෙලේම ඕනි වුනේ කොට ක්‍රේල් කොන්ඩයක්...,

                       කොහොම උනත් දැන් එයා මගෙන් අහල තියෙන්නේ මට නම් හිතාගන්න බෑ... එයා යලු වෙන්න ඇහුවේ චිට් එකක් එවල..ඒකත් මම ආසම නැති ගනන් පාඩමේදි..

මාත් හිතුවා මත් ලස්සන කොලෙක ලියන්න ඕනි කියල කැමතියි කියලා..මුලිම ගිහින් කාමරේ දොර වහල ආව නැත්තම් ආකිබ් (මගෙ නිවුන් සහෝදරය ) ඇවිත් හොට දායි..ඉට පස්සෙ කෙලින්ම ගිහින් ජනේලේ කර්ට්න් එක දැම්ම..මට නැත්තම් හැම තිස්සෙම හිතෙනව කෙවී මන් දිහා බලන් ඇති කියල ( ඒත් එයා එහෙම බලන් ඉන්නෙත් නෑ )අයියෝ ලියන්න පටන් ගත්ත විතරයි..."අකිෆා අකීෆා........" හැමදාම මොකක් හරි කරන්න යද්දි ඔහොඅමමයි මම මටම කියාගෙන කාමරේ ඉදන්ම කෑ ගහල "ඇයී අම්මා" කියල ඇහුවා... "අකී මට් පොඩ්ඩක් උදව්වටවත් එන්න ලමයෝ මට බෑ මෙ ඔක්කොම තනියම කරන්න" "අයියෝ අම්ම තව චුට්ටක් ඉන්නකො මම එන්නම්"


ඒත් මම ලියල ඉවර වෙද්දි පැය බාගයක්ම ගිහින්..අකීබ් ඇවිත් කන්න කතා කරනකම්ම ලියලිය හිටියේ.. කමක් නෑ පස්සෙ උදව් කරනව අස් කරන්නව්ටහ් අම්මට..ඒත් කෑම ගත්තට පස්සේ අස් කරන එක අදත් වෙනද වගේම අකිබ්ම බාර ගත්ත..

ඉස්සර ඉදන්ම අකීබ් මායි දෙන්නම එකම කාමරේ හිටියේ අම්මට රෑ වෙනකම් එයාගෙ වැඩ කරන්න තිබ්බ හින්ද..අපේ අම්ම ටීචර් කෙනෙක් හැමදාම ඉස්කෝලෙ මහන්සි වෙලා ඇවිත් ගෙදරත් මහන්සි වෙලා රෑට විතරඉ ලියන වැඩ ටික කරගන්න එයාට වෙලාවක් තිබ්බේ..

අකීබුයි මායි ගොඩක් වෙලාවට කරේ පාඩම් කරනව කියල එයා ගේම් එකක් ප්ලේ කරනව මම කතා පොත් කියවනවා...  ඒත් අද ඉස්කෝලේ ස්පොර්ට් මීට් එකේ වැඩ හින්ද දෙන්නටම මහන්සි ඒ හින්ද වෙනදටත් කලින්ම ඇදට ගියා..එයාට තිබ්බේ චූටි සින්ගල් බෙඩ් එකක් මට තිබ්බේ ජනේලේ පැත්තෙ ලොකු බෙඩ් එක මගෙ බෝනික්කො තියගන්නම ඒකත් මදි මට.. මම කවදාවත් කිසි දෙයක් අකීට හන්ගල නෑ..ඉපදුන මොහොතේ ඉදන් අකීයි මායි හොදම යාලුවෝ ඒත් අම්මට කියයිද බයයි මේක ඒත් නොකිය නින්ද යන්නෙත් නෑ...


 "අකී"


"හ්ම්ම්ම්ම්ම්ම්ම්"


"අකී මගෙන් කෙනෙක් යාලු වෙන්න ඇහුවා"

"මොකක්..කව්ද කවදද ඇයි මට මෙච්චර වෙලා නොකිව්වෙ මොඩී..කියනව දැන්වත් ඒ කවුද"


"ඔයා අම්මට කියයි"

"නෑ මොඩී කියනවා දැන්ව්ත් නැත්තම් මම අම්මට කියනව ඔයා රෑට ප්‍රේ කරන්නෙ නැතුව හැමදාම් නිදගන්නව කියල"


                 "අපෝ මොඩයා එහෙනම් මම කියන්නෙම නෑ"

"කියනවකො වද නොදි මැට්ටි එයත් ඉස්ලාම් ද"


                                       "උම්ම් හ්ම්ම්"


                                     "එහෙනම සිංහල?"


                                   "එම්ම් එයා කෙවින්"


                "මොකක්...!!කෙවීන්,මේ එහා ගෙදර කෙවීන්???"


මම් උත්තර නොදි නිදි වගේම හිටිය ඔලුවත් පොරවන් නැත්තම් ආයෙත් මෙයාගෙ ඒවට උත්තර බදින්න එපැයි


                                     "අකීෆා කියනව දැන්වත් ප්ලීස් මට දැනගන්න ඕනි අනේ කොහොමද එයා ඇහුවෙ?අනික කවදද..ඔයාල දැන්ටම යාලුද? අකීiiiiiiiෆා??? "


                                   "අපෝ මැට්ටි නිදිද"

                             "හ්ම්ම්හ් හ්ම්ම්ම් ගුඩ් නයිට්"


                                          එයා හිතුවට මම නිදාගත්තේ නෑ..එම්ම් අද නින්ද යන එකකුත් නෑ...හෙට හෙට හෙට හැමදේම වෙනස් වෙයි..මට හිතගන්නවත් බෑ මගෙ ලිව්ම එයා ගත්තම එයාගෙ මූන කොහොම වෙයිද..අව්ව් එයා කොයිතරම් ලස්සනද එයාගෙ හිනාව කටහඩ වෝව්...ඒත් හෙට අකීබ් මගෙ පස්සෙන් එයිද දන්නේ නෑ දවසම මම කෙවින්ව හම්බෙනවද බලන්න හොරෙන්... අයියෝ කොහොම හරි ඒ මෝඩයව මගෑරල යන්න ඕනි කෙවින්ට ලිව්ම දෙන්න..ටානියවයි ඉමාන්වයිවත් දාන්න ඕනි අකීබ් එන එක නවත්තන්න ....


                             (ඊලග කොටස--> හැමදේම වෙනස් වුන හැටි )

.පෙරවදන.

                                              
                                  හිමින් හිමින් ඉර බටහිර අහසේ බැහගෙන යන හැටි මම බලාගෙන හිටියා...,ගස් වැල් හැම දේම කලු පාට මීදුමකින් වැහිල යනවා වගේ..සීතල හුලගකුත් එක්ක ටික ටික කරුවල වෙනව හැමදේම හැමතනම..කොයිතරම් ලස්සන දවසකට උනත් කලුවර රැයක් එනව.... ඒත් ඒ ගොඩක් හිමීට...ඒත් ජිවිතේට නපුරු කාලයක් ඇවිත් ජිවිතේම වෙනස් වෙන්න ගත වෙන්න පුන්චි තප්පර ගානක් විතරයි... ජිවිතේම අදුරු කරන ඒ නපුරු කලුවර ඇහිපිල්ලමක් ගහන වේගෙන් ඇවිත් අපේ මුලු ජිවිතේම වෙලා ගන්නවා... මේ මගෙ කතාව



                                                                                                                                 මම අකීෆා ෆාරුක්